ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 75 ත් 80 ත් අතර සංඛ්‍යාවකට හේතුව දියවැඩියාව, රුධිරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝනොවන රෝග වේ.
එම රෝග වැළඳීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ අහිතරකර ආහාර රටාවය.
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග වැඩිවීම සඳහා ප්‍රධාන හේතු ලෙස අධික සීනි, ලුණු, සහ මේදය අඩංගු අහාරපාන භාවිතය බව හඳුනාගෙන තිබේ.