මහර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කළ පුද්ගලයෙක් තාප්පයෙන් වැටී මියගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (02) දින අලුයම 3.00 ට පමණ බන්ධනාගාරයේ "O" වාට්ටුවේ රඳවා සිටි 09 දෙනෙක් මෙලෙස පැන යාමට තැත් කොට තිබේ.
මෙම රැඳවියන් බන්ධනාගාරයේ ආරක්‍ෂිත කම්බි වැට කපා පැන යන අයුරු බන්ධනාගාර නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර ඔවුන්ට බිය ගැන්වීමට අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇත.
එහිදී එක් රැඳවියෙකු තාප්පයෙන් පැන යාමට උත්සහ කොට ඇති අතර ඔහු ඉන් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇත.