රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී ඊයේ(23) රාත්‍රි 8ට පමණ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි මාතර හක්මන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් රැගත් බස් රථය මාර්ග අසල නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී මෙලෙස අනතුරට ලක්විය.අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 20දෙනෙකු ගොඩකවෙල ප්‍රාදේශීය රෝහලට සහ කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූවන් අතර කාන්තාවන් 11දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකුද වෙයි.