හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග පවසයි.එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික සහ ලංගම බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුළත් කර මගීන් නංවා ගන්නා අතර ඊයේ (23) සිට නාවලපිටිය ලංගම ඩිපෝව මගින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොලට ඇතුලත් නොකර එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසල මඟින් ආවරණයක් නොමැතිව වෙනමම ස්ථානයක් වෙන් කර ඇත.එයට විරෝධය පාමින් හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස්රථ අද වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.එම මාර්ගයේ