සිළුමිණ | Page 70 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ මහනගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණා.වැය ශීර්ෂ පරාජයට පත් වූ අමාත්‍යංශ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් අද (02) කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙනවා.ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන වන බැවින් ඊට පෙර අදාළ අමාත්‍යංශවල වැය ශීර්ෂ සම්මත කර ගැනීමටයි ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත්තේ.අද රැස්වන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව පසුව පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.එම පක්ෂ නායක රැස්වීම ද අද පැවැත්වෙනු ඇති.

පිටු

Subscribe to සිළුමිණ RSS