සිළුමිණ | Page 74 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද(02) දිනයේ සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන පිළිබඳ අධිකාරීය පවසයි.ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ වැලිකඩ මංසන්ධියෙන් කොටා පාරට හරවා ඒ ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කිරීමට නියමිතයි.මෙතෙක් කොළඹ දෙසට ධාවනය වු බස් රථ ආයුර්වේද මංසන්ධියෙන් කොටා පාරට ඇතුළු වු අතර අද දිනයේ සිට මෙම නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.ආයුර්වේද මංසන්ධිය ආසන්නයේ පවතින රථ වාහන තදබදයට පිළියමක් වශයෙන් මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

පිටු

Subscribe to සිළුමිණ RSS