නීති විරෝධී අන්දමින් ප්‍රංශය බලා පිටත්වීමට පුත්තලම නගරයේ රැඳී සිටී කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකොළොස් දෙනෙකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා බන්ධනාගාර නිළධාරින්ට ( 1 ) දින නියෝග කළේය.මෙසේ බන්ධනාගාර ගත කලේ යාපනය , කිලිනොච්චි , හා මුලතිව් පදිංචි වයස අවුරුදු 12ක දැරියක් අවුරුදු 10 ක පිරිමි දරුවකු එම දරුවන්ගේ මව හා වයස අවුරුදු 26 සිට 40 දක්වා සිමාවන් පසුවු තවත් සැකකරුවන් පිරිසකි.අදාල සැකකරුවන් යාපනය සිට පැමින මුන්දලම උඩප්පුවට ගොස් උඩප්පුවේ සි