තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාවට උදාකර ගැනීමේ ප්‍රයත්නයෙහි ඉතා වැදගත් අභිමතාර්ථයක් ලෙස ,මතින් නිදහස් රටක්, නමින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සියලු අංශවල සහයෝගයෙන් මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ.දරුණු ව්‍යසනයක් බඳු ව පැතිර යන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශ මඟින් පමණක් සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පීය වෙනසකින් හා සක්‍රීය දායකත්වයකින් යුතුව මේ ව්‍යසනය පිටු දැකීමේ වැඩපිළිවෙළකට අවතීරණ විය යුතු බව ජනාධිපතිවරයාගේ විශ්වාසය යි






























