
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාවට උදාකර ගැනීමේ ප්‍රයත්නයෙහි ඉතා වැදගත් අභිමතාර්ථයක් ලෙස ,මතින් නිදහස් රටක්, නමින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සියලු අංශවල සහයෝගයෙන් මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ.දරුණු ව්‍යසනයක් බඳු ව පැතිර යන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශ මඟින් පමණක් සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පීය වෙනසකින් හා සක්‍රීය දායකත්වයකින් යුතුව මේ ව්‍යසනය පිටු දැකීමේ වැඩපිළිවෙළකට අවතීරණ විය යුතු බව ජනාධිපතිවරයාගේ විශ්වාසය යි.එකී වැඩපිළිවෙළේ ප්‍රවිෂ්ටය ලෙස, මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක් ව දිවුරුම් දෙන ,බක්මහ දිවුරුම අද සිදු කෙරේ.එහි ප්‍රධාන උත්සවය අද (3) පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට එක්කර ගැනීමට නියමිත ය.මෙම අවස්ථාව විද්යුත් මාධ්‍ය ඔස්සේ සජීවි ව විකාශය කෙරෙන අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලු දෙනා ද පොදු මහජනතාව ද, පාසල් දරුවන් ද බක්මහ දිවුරුමට එක්වීමට නියමිතව ඇත. මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කැර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට එක්වන ලෙස භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කර සිටී.බක්මහ දිවුරුමත් සමඟ මතට එරෙහි වැඩපිළිවෙළ සියලු අංශවල සහයෝගයෙන් ශක්තිමත් ව බලගැන්වීම ජනාධිපතිවරයාගේ අරමුණයි.