සිළුමිණ | Page 40 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

රාජගිරිය ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් බවට සැක කෙරෙන කැසට් පට 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්යය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.එහිදී කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ ඡායාරූප ඇතුලත් පත්‍රිකාවක් සහ ජංගම දුරකතනයක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.

පිටු

Subscribe to සිළුමිණ RSS