යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහාතා ඊයේ(07) දින පත් කළ බව විශ්ව විද්‍යාල පාලක සභාව සඳහන් කරයි.විශ්වවිද්‍යාල උපකුලපති රත්නම් විග්නේශ්වරන් මහතා ඉවත් කිරීමෙන් අනතුරුව නව උප කුලපතිවරයෙකු පත් කරන තෙක් මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා විශ්වවිද්‍යාලයේ නිසි බලධාරියා ලෙස පත් කොට ඇත. ඔහු භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්‍ය වරයෙකු වන අතර, භෞතික විද්‍යාව පිළිබඳ පර්යේෂණ රැසක් වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත.