සිළුමිණ | Page 37 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

විදෙස් විනිමය රටට ලබා දෙමින් ආර්ථිකයට ශක්තියක් වූ සංචාරක ව්‍යාපාරයට පසුගිය පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමග මරු පහරක් එල්ල විය.දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ආකර්ෂණයට පාත්‍ර වූ මාතලේ දිස්ත්‍රික්කයේ ඓතිහාසික සිද්ධස්ථාන දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අද වන විට අවම මට්ටමක පවතී.මේ තත්ත්වය නිසා සංචාරක ව්‍යාපාරය සිය ජීවිකාව කරගත් බොහෝ පිරිසකගේ රැකියාද අහිමිව යාමේ තර්ජනයකට මුහුණ පා ඇත.මේ අතර සංචාරක හෝටල් නඩත්තු කරගැනීමට නොහැකිවීම නිසා එම ස්ථානවල සේවකයන් ඉවත් කිරීමට හෝටල් හිමියන්ට සිදුව ඇත.එමෙන්ම බහුතරයක් ලැගුම් හල් වසා දමා ඇත.

පිටු

Subscribe to සිළුමිණ RSS