සිළුමිණ | Page 33 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.නාවික හමුදාව නිවේදනය කළේ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ(08) සිදු කළ මුර සංචාරයක් අතරතුරදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 21 ත් 46 ත් අතර වයස්වල පසුවන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, මිටර් 225 දිගැති තහනම් ධීවර දැලක් සහ නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 650 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

පිටු

Subscribe to සිළුමිණ RSS