සිළුමිණ | Page 29 | ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත

බණ්ඩාරගම රිය අනතුරක්, අයෙකුට බරපතලයි

බණ්ඩාරගම, වැල්ලමිල්ල හන්දිය අසලදී ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවයි වාර්තා වන්නේ.කැස්බෑව සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වෙළෙඳසැලකට හැරවීමට යාමේදී බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ(14) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ රියදුරු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ත්‍රීරෝද රථයේ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පිටු

Subscribe to සිළුමිණ RSS