SLT-MOBITEL තවදුරටත් සන්නිවේදන ක්ෂේත්‍රයේ අංක 1 තහවුරු කරගනියි | Page 11 | සිළුමිණ

SLT-MOBITEL තවදුරටත් සන්නිවේදන ක්ෂේත්‍රයේ අංක 1 තහවුරු කරගනියි

 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 2021-2022 Business Today TOP 40 ශ්‍රේණිගත කිරීම් අනුව දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. විශිෂ්ට කාර්යසාධනය, යහපත් මූල්‍ය වර්ධනය සහ ආර්ථිකයට ලබාදුන් දායකත්වය යන සාධක සැලකිල්ලට ගනිමින් SLT-MOBITEL වෙත මෙම ඇග­ැයීම පිරිනමා තිබේ. 2021-2022 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පෙර නොවූවිරූ අභියෝග රාශියකට මුහුණ දීමට සිදු විය. කෙසේ නමුත් එකල පැවති අභියෝගකාරී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ පවා මෙරට දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස තමන් සතු ස්ථානය අඛණ්ඩව පවත්වා ගැනීමට SLT-MOBITEL සමත් විය.

Comments