ජපන් භාෂා පාසලේ තවත් 15 කට ජපානයේ උසස් අධ්‍යාපන වරම් | සිළුමිණ

ජපන් භාෂා පාසලේ තවත් 15 කට ජපානයේ උසස් අධ්‍යාපන වරම්

කළුතර කටුකුරුන්ද ජපන් භාෂා පාසැලේ අධ්‍යාපනය ලද තවත් සිසු සිසුවියන් 15 දෙනකු පසුගියදා උසස් අධ්‍යාපනය සඳහා ජපානය බලා පිටත්ව ගිය අතර මේ වනවිට එසේ යවා ඇති සංඛ්‍යාව 180 කි. 

ඔවුන්ට වීසා බලපත් ලබාදීම ජපානයේ නිශිනිප්පොරි ජපන් භාෂා පාසැලේ ගුරුවරයකු වන වයි. යොෂිඩා මහතාගේ ප්‍රධානත්වයෙන් අගලවත්ත ජපන් භාෂා පාසලේදී පැවැත්වූ අතර විශේෂ ආරාධිතයින් ලෙස අගලවත්ත රමිර හෝටල් අධිපති අනුර ජයලත් හා අගලවත්ත සමන්ත මෝටර්ස් අධිපති හර්ෂ සමන්ත යන මහත්වරු එක්ව සිටියහ .

ජපානයේ වයි.යොෂිඩා මහතා අතින් එක් සිසුවකු වීසා බලපත් ලබා ගත් ආකාරයත් ජපන් උසස් අධ්‍යාපන වරම් ලැබූ සිසු සිසුවියන් කටුකුරුන්ද ජපන් භාෂා පාසැලේ අධ්‍යක්ෂක පූජ්‍ය මහරගම සෝමරතන හිමියන්ද ,ජපානයේ වයි .යොෂිඩා මහතා සහ අගලවත්ත ජපන් භාෂා පාසලේ කළමනාකාරණී නිශාන්ති ලියනගේ මහත්මිය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි ආකාරයත් ඡායාරූපවලින් දැක්වේ .

ඡායාරූප : කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

Comments