
MAS KREEDA විසින් පසුගියදා ඩුබායි හි පැවති 2023 2023 RoSPA (Royal Society for the Prevention of Accidents) හි දී “Achievement” කාණ්ඩයේ රන් සම්මාන දෙකක් ලබා ගන්නා ලදි. මෙහිදී වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වන විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් ආයතන ඇගයීමට ලක් කෙරෙන අතර, MAS KREEDA Synergy සහ Shadeline නිෂ්පාදන කර්මාන්තශාලා මෙම ජයග්‍රහණයේ සාඩම්බර හිමිකරුවන් විය. වසර 67 පුරා දිවෙන RoSPA Health and Safety Awards, එක්සත් රාජධානියේ විශාලතම වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂණ සම්මාන වැඩසටහනයි. ක්‍රියාකාරිත්වය, නායකත්වය, සංස්කෘතිය සහ ශ්‍රම බලකායේ සහභාගීත්වය වැනි භාවිතයන් ඇතුළුව අනතුරු වැළැක්වීමේ සහ සෞඛ්‍ය ගැටලු සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධති සංවිධානවල ක්‍රියාකාරිත්වය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සම්මාන ප්‍රදානය කරන ආයතනය විසින් සලකා බලනු ලබයි.