ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතා පිළිබඳ අන්තර්ජාතික සමුළුව (International Conference on Gender Disparities) ICGD-2023 | සිළුමිණ

ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතා පිළිබඳ අන්තර්ජාතික සමුළුව (International Conference on Gender Disparities) ICGD-2023

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන ස්ත්‍රී පුරුෂ සමාජභාවී විෂමතා පිළිබඳ අන්තර්ජාතික සමුළුව (International Conference on Gender Disparities) ICGD-2023 ජූලි මස 07 සහ 08 දෙදින පුරා කොළඹ රමඩා හෝටල් පරිශ්‍රයේ දී විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නියෝජිත අසූසා කුබෝටා මෙනවිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති විනේතෘ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම පරිසංවාදයේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සමුළුව සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය තිරසාරත්වය සහ සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පරිසරය හා දේශගුණික විපර්යාස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය තාක්ෂණික නව නිපැයුම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය බලය හා සමානාත්මතාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය යහපාලනය හා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය විවිධත්වය හා උරුමය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා වැටුප් සහ සවිබලකරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය හිංසනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ගෝලීය ගැටුම් යන උප තේමාවන් ඔස්සේ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව, රුසියාව, ප්‍රංශය, මියන්මාරය සහ කෙන්යාව යන රටවල පර්යේෂකයන් රැසක් සංවාදය සඳහා සහභාගි වෙති..

රුවන් පුෂ්ප කුමාර 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය 
කැලණිය විශ්වවිද්‍යාලය

Comments