E-Drive ටැක්සි DPMC වෙතින් | සිළුමිණ

E-Drive ටැක්සි DPMC වෙතින්

පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් පිළිබඳව සිහින දකිමින් සිටි මෙරට ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා E-Drive විද්‍යුත් ටැක්සි සේවය හදුන්වා දුන්නේය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පළමුව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම ටැක්සි සේවය මහා මාර්ගයේදී හෝ YOGO මොබයිල් ඇප් එක හරහා මෙන්ම 0777 606077 දුරකතන අංකයෙන් වෙන් කරවා ගත හැකිය. විද්‍යුත් වාහනයක එදිනෙදා රෙපෙයාර් හෝ නඩත්තු වියදම ඉතා අඩු බැවින් එහි වාසිය මෙම සේවය භාවිත කරන්නන්ට ලබා දෙමින් E-Drive විද්‍යුත් ටැක්සි සේවය භාවිත කිරීමේදී කිලෝ මීටරයකට අය කරනු ලබන්නේ රුපියල් 65ක් පමණි.

Comments