
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට පහසුවෙන් හා කාර්යක්ෂමව සැපැයීමේ අරමුණින් සිය 79 වැනි ශාඛාව කිරිබත්ගොඩ නගරයේදී විවෘත කරන ලදී. අංක. 107, මාකොළ පාර, කිරිබත්ගොඩ ලිපිනයේ පිහිටි මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වසන්ත පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරී විකුණුම් ඩිලාන් ගුණරත්න සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි වූහ.