නේෂන්ස් ට්‍රස්ට් බැංකුව උපදේශන සම්මන්ත්‍රණ පවත්වයි | සිළුමිණ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව උපදේශන සම්මන්ත්‍රණ පවත්වයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් පවත්වන උපදේශන සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැනි සහ හතරවැනි උපදේශන සම්මන්ත්‍රණ පසුගියදා වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවලදී පැවැත්විණි. මෙහි මූලික අරමුණ වූයේ වත්මන් ආර්ථික වාතාවරණය තුළ තම ව්‍යාපාර කළමනාකරණය කිරීමට ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා පුළුල් ව්‍යාපාරික මාර්ගෝපදේශ සහ මූල්‍ය උපදේශන පිරිනැමීමයි. වැලිගම සහ මීගමුව යන ප්‍රදේශවල පැවති උපදේශන සම්මන්ත්‍රණවලට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් සහ දකුණ, බස්නාහිර සහ වයඹ යන පළාත්වල ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්වූහ. ව්‍යාපාර ඩිජිටල්කරණය හා ඒකාබද්ධ වීම මගින් සිදුවන බලපෑම් පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමද මෙහිදී සිදුකරන ලදි.

Comments