S-lon සමාගම PUCSL සමඟ අවබෝධතා ගිවිසුමක් | Page 11 | සිළුමිණ

S-lon සමාගම PUCSL සමඟ අවබෝධතා ගිවිසුමක්

ජල නළ කාර්මික ශිල්පීන්ගේ වෘත්තීය ප්‍රගමනයට සහාය වීම සහ ශ්‍රී ලංකාවේ ජල නළ කර්මාන්තයේ සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් S-lon Lanka (Pvt) Ltd, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

S-lon සමාගම, නවීන ජල නළ කර්මාන්තයේ ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සහ වැඩි දියුණු කිරීම, ජල නළ කාර්මික වෘත්තීයේ වෘත්තීය භාවය නංවාලීම සඳහා ජලනළ කාර්මිකයන්ගේ සමාජය (S-lon Plumbers’ Club) පිහිටුවා ඇති අතර, එය ජලනළ කාර්මිකයන් 8,000කට අධික සවිමත් ජාලයකින් සමන්විත වේ.

S-lon සමාගම විසින් රට පුරා පවත්වනු ලබන ප්‍රායෝගික සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මඟින් ඉහළ ප්‍රතිලාභ ලැබී ඇති අතර, නළ සහ උපාංග නිසි ලෙස හැසිරවීම සහ සවිකිරීම පිළිබඳ ජල නළ කාර්මිකයන්ගේ දැනුම හා තාක්ෂණය වැඩි දියුණු කිරීම එම වැඩසටහන්වල අරමුණයි.

 

Comments