ලොක්කන් රැසක් අලුත් සමාජ මාධ්‍ය ඉල්ලයි | Page 3 | සිළුමිණ

ලොක්කන් රැසක් අලුත් සමාජ මාධ්‍ය ඉල්ලයි

සමාජ මාධ්‍ය යනු මේ වන විට ලෝකයේ ප්‍රබලතම මාධ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. පුවත්පත එනම් මුද්‍රිත මාධ්‍ය සතුව කලක් පැවති බලාධිකාරය, විද්යුත් මාධ්‍ය විසින් දිනා ගත් අතර විද්යුත් මාධ්‍ය යුගයද මේ වන විට අවසන්ව තිබේ. දැන් මාධ්‍ය ලෝකයේ බලවතා වන්නේ සමාජ මාධ්‍යයි.

මේ මාධ්‍ය ක්‍රමයේදී සෑම පුරවැසියෙක්ම මාධ්‍යවේදියෙක් වන අතර අනික් අතට සෑම පුරවැසියෙක්ම ග්‍රාහකයෙක් බවටද පත් වේ. එමෙන්ම ක්ෂණිකව ලැබෙන ප්‍රතිචාර හේතුවෙන් වඩා සජීවී බවක් පුවතට ලැබෙන අතර වඩා පෝෂණයක් ග්‍රාහකයාට ලැබේ. සමාජ මාධ්‍ය ආරම්භයේදී, එනම් අදින් දශක දෙකකට පමණ පෙර ඒ සඳහා දායකත්වය දැක්වීමට බොහෝ දෙනා තරමක් පසුබට වූ නමුත් අද වන විට ලෝකයේ ප්‍රබලතම මාධ්‍ය බලාධිකාරය සමාජ මාධ්‍ය බවට පත්වෙමින් ලොව සමස්ත ජනගහනයෙන් අති බහුතරය සමාජ මාධ්‍ය භාවිත කරන්නන් බවට පත්ව ඇත.

එපමණක්ද නොව සමාජ මාධ්‍ය යනු අද ලෝකයේ අංක එකේ ජනමතය හසුරුවන්නා බවට අවස්ථා කිහිපයකදීම තහවුරු විය. ඒ සඳහා හොඳම උදාහරණය වූයේ පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයයි. එහිදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව පැන නැගී ජනමතය සමාජ මාධ්‍ය තුළින් ඉතා ප්‍රබලව දිස් වූ අතර එම ජනමතය පාලනය කිරීමට ජනාධිපතිවරයා ධූරයේ රැදී සිටියදීම අපොහොසත් වූයේය. එම අවස්ථාවේදී සමාජ මාධ්‍ය කොතරම් බලවත්ද යන්න හොඳින් වටහාගත් ප්‍රබලයන් අතරට එක් වූ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් වූ පසුව පවසා සිටියේ නම සමාජ මාධ්‍යයක් ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බවයි.

මන්ද යත් ජනාධිපතිවරණයේ පරාජය පිළි නොගනිමින් ධූරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරමින් සිටි ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට බොහෝ සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කටයුතු කළ අතර එම අවස්ථාවේදී ජනාධීපතිවරයාට තම මතය සමාජ ගත කිරීමට වේදිකාවක් අහිමි විය. ඇමරිකාවේ ජනාධිපතිධූරය හොබවන්නා වුවද ට්‍රම්ප්ට සිදුවූයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය හිමිකරු වූ මාර්ක සකර්බර්ග්ගේ තීරණය හමුවේ නිහඬ වන්නටය. ට්වීටර් සමාජ මාධ්‍ය ජාලයද ට්‍රම්ප් ජනාධිපතිවරායගේ ගිණුම තහනම් කිරිමට කටයුතු කළ බැවින් සැබවින්ම ට්‍රම්ප් ජනාධිපතිවරයා අඳ ගොළු බිහිරි තත්ත්වයකට පත් වූයේය.

මේ සියල්ල පැහැදිලිව පෙන්වා දුන්නේ අත සමස්ත ලෝකය පාලනය කිරීම සමාජ මාධ්‍යයටය හැකියාව ඇති බවයි. එපමණක්ද නොව මේ සිදුවීම් මඟින් තහවුරු වූයේ සමාජ මාධ්‍ය හිමිකරුවන්ට ලෝකයම පාලනය කිරීමේ හැකියාවද ඇති බවයි.

මේ සමඟම ට්‍රම්ප් ජනාධිපතිවරයාට පමණක් නොව ලෝකයේ බොහෝ ධනවතුන්ට සමාජ මාධ්‍යයක හිමිකරුවන් වීමේ අවශ්‍යතාවක් ඇති වන්නට විය.

දැන් අලුතෙන්ම සමාජ මාධ්‍යයක හිමිකරුවකු වීමේ අවශ්‍යතාව ඇති වී ඇත්තේ ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස කිරුළු පලඳා ඇති එලෝන් මස්කටය. එලෝන් මස්ක් යනු ඉතා ප්‍රභල ට්වීටර් භාවිත කරන්නෙකි. ඔහු ට්වීටර් හරහා නිතරම තමාගේ අදහස් මෙන්ම පණිවිඩද සමාජ ගත කරනු දැක ගත හැකිය. ඇතැම් අවස්ථාවලදී ඔහු තම ව්‍යපාරික විරුද්ධවාදීන්ටද, තරගකරුවන්ටද නොයෙක් පණිවිඩ හෝ ඉඟි යවන්නේ ටීවීටර් හරහාය. එබැවින්ම මෙතරම් ප්‍රබල සමාජ මාධ්‍යයක අවශ්‍යතාව, සහ එම සමාජ මාධ්‍ය පාලනය කිරීමේ අවශ්‍යතාව එලෝන් මස්ක්ට් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.

එමෙන්ම සමාජ මාධ්‍යයක හිමිකරුවකු වීම හරහා ඔහුට හිමි වන්නේ බිලියන ගණනක් ජනතාවගේ අදහස් සමාජ ගත කිරීමේ හෝ පාලනය කිරීමේ හැකියවයි. ඒ මඟින් ප්‍රබල සමාජ මාධ්‍යයක හිමිකරුවා යනු ලෝකය පාලනය කරන්නා බවට පත් වීම දවත් වසර කිහිපයක් ඇතුළත වැළැක්විය හැකි කරුණක් නොවනු ඇත.

එලොන් මස්ක් නව සමාජ මාධ්‍යයක් ආරම්භ කිරීමේ තමා සතු වන බලාපොරොත්තුව පිළිබඳව ට්වීටර් ඔස්සේම සුපුරුදු පරිදි අදහස් දක්වමින් පවසා ඇත්තේ එම නව සමාජ මාධ්‍ය වඩාත් විවෘත සහ වඩාත් පැහැදිලි අදහස් දැක්විය පරිදි සකස් කිරීම තම අභිප්‍රාය බවයි.

කෙසේ වුවද ජනමතය හැසිරවීම ධනය උතුරා ගලන ව්‍යාපාරික ප්‍රබලයන් අතට පත්වීම ලෝකයේ දේශපාලනඥයන් නම් එතරම් සතුටු නොවනු ඇත. ඒ කෙසේ වුවද මහජනතාව අවබෝධ කර ගත යුතු කරුණ වන්නේ මේ සියලු දෙනාම කැසකවන්නේ තමන් සතු බලය ඔවුන් වෙත ලබා ගැනීමට බවය.

Comments