වෙනිසියුලාව යනු අදින් දශකයකට පමණ ඉහතදී ලෝකයේ අති සුවිශේෂී රටකි. ඒරට සුවිශේෂී වූයේ ඒහි භූමියේ පිහිටා ඇති ඛනිජ තෙල් නිසාවෙන් නොවේ. ඒරට පාලනය කළ පාලකයා හේතුවෙනි. ඒවකට වෙනිසියුලාව පාලනය කළේ හියුගෝ චාවේස්ය. ඔහුගේ ඔහුටම ආවේණික වාමාංශයට නැඹුරු ආර්ථික දැක්ම ඔස්සේ රටේ සම්පත් රටට හිතකර ලෙස භාවිත කිරීම සාර්ථකව සිදු කළ අතර තෙල් සම්පත සහිත රටවලට ඇමරිකාව දිගින් දිගටම සිදු කරමින් පැවති බලපෑම් වළක්වාලීමට තරයේ කටයුතු කිරිමටද චාවේස් සමත් වූයේය.
ඔහු ඇමරිකාව ඍජුව විවේචනය කළ අතර ඇතැම්විට ඒක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදීද චාවේස් නොබියව මුළු ලොව ඉදිරියේ ඇමරිකාවට චෝදනා එල්ල කර සිටියේය. චාවේස්ට වෙනිසියුලා ජනතාව ඉතා කැමැත්තක් දැක්වූහ. ඔහු යටතේ වෙනිසියුලාව ආරක්ෂිත විය. එහෙත් පිළිකාවක් වැලඳීමෙන් පසු චාවේස් මිය ගියේ ඒතෙක් ශක්තිමත් දේශයක් ලෙස පැවති වෙනිසියුලාව අගාධයට ඇද දමමිනි.
චාවේස්ගේ අනුප්‍රාප්තික නිකලස් මධුරෝට වෙනිසියුලානු ආර්ථිකය සාර්ථක ලෙස කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබුණේ නැත. රටේ උද්ධමනය ඉහළ යන්නට විය. ඒය කෙතෙක් වීද යත් මේ වන විටත් ලෝකයේ වැඩිම උද්ධමනය වාර්තා වන්නේ වෙනිසියුලාවෙනි. රටේ මුදල් ඒකකය කඩා වැටෙන්නට විය. විරැකියාව, දරිද්‍රතාව ඉහවහා යන්නට වූයේ ජනතාව ගොඩබිම තරණය කරමින් දේශසීමා ඔස්සේ වෙනත් රටවලට සරණාගතයන් ලෙස ඇතුළු වන්නට විය.
මේ තත්ත්වය තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන 2019දී වෙනිසියුලානු ජනතාව මහා විරෝධතා ව්‍යාපාරයකට ඒක් වූහ. මේ විරෝධතාව මර්දනය කිරීමට නිකලස් මධුරෝ හමුදාව යෙදවූයේය. ඒහි ප්‍රතිඵලය වූයේ හමුදාව සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් මරණ 107ක් වාර්තා වීමය. වෙනිසියුලානු ආර්ථිකය මෙතරම් දැවැන්ත කඩා වැටීමකට ලක් වීමට හියුගෝ චාවේස්ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බව පැවසෙන අතර ඇමරිකාව විසින් තමන්ට හිතවාදී පාලන තන්ත්රයක් ඒරට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය මෙලෙස කඩා වැටීමට ලක් වූ බවද පැවසේ.
ඒ කෙසේ වුවද ජනාධිපති නිකලස් මධුරෝ ධූරයෙන් එළවා දැමීමමට මහමගට පිවිසි විරෝධතාකරුවන් යළිත් නිවෙස් කරා එළවා දැමුවේ මධුරෝගේ හමුදාව විසින් නොව කොවිඩ් වසංගතය විසිනි. හමුදාව හා ගැටුණු විරෝධතාකරුවන් කොවිඩ් වයිරසය ලෝකයේ සෙසු රටවලට සිදු කරමින් පවතින ව්‍යසනය වටහා ගැනීමෙන් පසු විරෝධතා අත් හැර යළි නිවෙස් බලා ගියහ.