
ජපානය මෙවර ඔලිම්පික් උලෙළේ ජයග්‍රහාකයාය. එහි කතා දෙකක් නැත. ඒ වැඩිම ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් නම් නොවිය හැකිය. එම අවස්ථාව චීනයට හෝ ඇමරිකාවට ලැබෙනු ඇත. එහෙත් ජපානය මෙවර ඔලිම්පික් උලෙළේ නිතරග ජයග්‍රහාකයා වන්නේ වැඩිම පදක්කම් ලබා ගැනීමෙන් නොව ඔලිම්පික් පැවැත්වීමෙන්ය.
ඇත්තවශයෙන්ම මෙවර ඔලිම්පික් පවත්වන්නේ ජපානයේ දැඩි උත්සාහය නිසාමය. නැතහොත් 2020 ඔලිම්පික් 2024 දක්වා කල් දැමෙන්නට තිබුණි. නැතහොත් අහෝසි වී යන්නට ඉඩ තිබිණි. එහෙත් ජපාන රාජ්‍ය නායකයන්ගේ සිට බලධාරීන් සේවකයන් දක්වා සියල්ලන්ගේ දැඩි කැපවීම මත 2020 ඔලිම්පික් 2021දී හෝ පවත්වන්නට හැකියාව ලැබිණි.
ඔලිම්පික් උළෙල අවසාන වන විට තවත් ලක්ෂයක සංඛ්‍යාවක් කොවිඩ් හේතුවෙන් මියයනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා පවසා සිටියේය. ඔලිම්පික් ආරම්භ වී දින තුනක් ගතවන විට ජපානය වාර්තා කර සිටියේ ජපානයේ ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වෙන නගරාශ්‍රීතව කොවිඩ් පැතිරීමේ වේගය සියයට 148කින් ඉහළ ගොස් ඇති බවයි. ඒ කෙසේ වුවද ජපානය ඔලිම්පික් පැවැත්වීමේ අභියෝගය ජයගත්තේය. ඒ ලොව අන් කිසිඳු රටකටත් වඩා වැඩියෙන් තාක්ෂණයද භාවිත කරමිනි.