අගමැති කොළඹ වරාය නගරයේ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙයි | සිළුමිණ

අගමැති කොළඹ වරාය නගරයේ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6වැනි සංවත්සරය යෙදෙන අද (17) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය.

අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ  අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී.

ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියේය.

චීන ජනාධිපති ෂීජිපිං මහතාගේ හා එවකට ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014සැප්තැම්බර් 17වෙනිදා ය.

වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269 මුහුද ගොඩකර භුමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

Comments