
විදේශ විනිමය අර්බුදය නිසා ආනයන සීමා කිරීම සඳහා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ නිකුත් කර ඇති ගැසට් පත්‍රයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
කැබිනට් තීරණ දැනුම් දෙමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.
ඉන්ධන අලෙවියෙන් ලබා ගන්නා අතිරික්ත ආදායම් ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේ ය.
මේ අතර වසර දෙකක කාලයක් සඳහා වරිපනම් බදු වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මධ්‍යම පාන්තිකයින්ට දැරිය හැකි මිලකට නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක් ලබා දීමටත් යෝජිත වේ.
තව ද කිරිගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.