තොණ්ඩමන්ගේ අමාත්‍ය ධුරයේ අගමැති දිවුරයි | සිළුමිණ

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධුරයේ අගමැති දිවුරයි

ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධුරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දුන්නේය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ.

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පසුගිය 26වැනිදා අභාවප්‍රාප්ත විය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඊයේ සිදු කෙරිණි.

Comments