තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව | සිළුමිණ

තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද රාජ්‍ය ගෞරව සහිතව

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ සිදු කෙරේ.

ඒ නෝර්වුඩ්හි සෞම්‍යමූර්ති තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී අද පස්වරු 4.00 ටය.

එම කටයුතු අධීක්ෂණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලීසිය පැවසීය.

ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය මේ වනවිට කොටගල නගරයේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පදනම් ශාලාවේ තැන්පත් කර තිබේ.

අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් පසුගිය 26වැනිදා අභාවප්‍රාප්ත විය.

මිය යනවිට ඒ මහතා වයස අවුරුදු 55කි.

ආරුමුගන් තොණ්ඩමන් උපත ලැබුවේ 1964 වසරේ මැයි මස 29 වැනිදායි.

ඔහු දේශපාලනයේ නිරත වුණේ තම මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ අඩිපාරේ යමින් ය.

1994 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසුණේ ය.

ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන් ඔහු මෙරට ප්‍රධාන පක්ෂ නායකයින් සමග සමීපව කටයුතු කළ දේශපාන නායකයෙකි.

වර්තමාන අමාත්‍ය මණ්ඩලයේද සාමාජිකයෙකු වන ඔහු මින් පෙර විවිධ අමාත්‍ය ධුර හොබවමින් කඳුරට ජනතාවට දැවැන්ත සේවයක් ඉටු කළේ ය.

පශු සම්පත් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරය කිහිපවරක්ම හෙබවූයේ ආරුමුගන් තොණ්ඩමන් මහතායි.

Comments