ආදායම් පනත් සංශෝධනයට අනුමැතිය | සිළුමිණ

ආදායම් පනත් සංශෝධනයට අනුමැතිය

සරල, විනිවිද භාවයෙන් යුත් කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කිරීමේ අරමුණින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැති පළමු අමාත්‍ය  මණ්ඩල රැස්වීමට ආර්ථික පුනර්ජීවනය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ හරහා පහසු බදු පරිපාලනයක් ප්‍රවර්ධනය කිරීමටත් බදු ගෙවීම සඳහා ස්වයං අනුකූලතාවයක් හඳුන්වා දීමටත් තීරණය කරනු ලැබීය.

ඒ අනුව අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ විසින් පසුගිය සතියේ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පරිදි 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

දේශීය ආදායම් පනතට ගෙන එන එම නව සංශෝධන යටතේ රඳවා ගැනීමේ බද්ද රු. 250,000 දක්වා නිදහස් කෙරේ.

උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රු. 100,000 සිට රු. 250,000  දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක් 2020 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක විය.

දේශීය ආදායම් පනතට හඳුන්වා දෙන එම යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් බදු සහනයන් පිළිබඳ විස්තර පහත සඳහන් වේ.

Comments