
ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රිකයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද විජේරාම පිහිටි නිල නිවසේදී නාම යෝජනා අත්සන් කළේය.
එමෙන්ම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ දිස්ති‍්‍රක් නායකයන් එලබෙන මහ මැතිවරණය වෙනුවෙන් අද නාම යෝජනාවලට අත්සන් තැබීමට නියමිතය.
පොහොට්ටුව ලකුණින් මෙවර මහ මැතිවරණයට තරග කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මීට පෙර ප‍්‍රකාශ කලේය.
එහි දිස්ති‍්‍රක් නායකයන් නාම යෝජනාවලට අත්සන් තැබීමට නියමිතව ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කොළඹ විජයරාමේ පිහිටි නිල නිවසේදියි.
මේ අතර මහ මැතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීම හෙට සිට ආරම්භ වේ.
මහ මැතිවරණය ලබන අපේ‍්‍රල් මස 25වනදා පැවැත්වීමට නියමිතයි.