
තම වෘත්තිය සමිති ක්රියාමාර්ගය අත්හැරීමට තීරණය කළ බව වරාය වෘත්තිය සමිති පවසයි.
අග්රාමාත්යවරාය සමග පැවති සාකච්ඡාවේ තීරණය වෘත්තීය සමිතිවලට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එලෙස සිය වෘත්තීය සමිති ක්රියාමාර්ගය අත්හැරීමට තීරණය කර තිබේ.
වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාව අද උදෑසන පැවැත්විය.
වරාය සේවකයකින් මෙම වැඩ වර්ජනය හා සත්යග්රහය ආරම්භ කළේ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.