ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත් වීමේ තීරණයක | සිළුමිණ

ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත් වීමේ තීරණයක

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/ 01 යෝජනාව ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය ඉවත් වීමට රජය තීරණය කර ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යරයා මේ බව කියා සිටියේ, ඇමෙරිකාව විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සාමුහිකව ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමිනි.

වෙනත් රටවලට අපගේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයින් ලෙස නම් කිරිමට අවකාශ ලැබී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 වසරේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබු 30/01 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැරීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසා බව ද, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

Comments