
නව සභාවාරයේදී විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාසගේ නම බලාත්මක වනු ඇති.
සජිත් ප්‍රේමදාසට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල 8 වන අසුන වෙන් කර ඇති අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහට විපක්ෂයේ ඉදිරිපෙළ 7 වන අසුන වෙන් කර තිබේ.
ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 8 වන අසුන වෙන් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපෙළ 7 වන අසුනත් සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර සදහා සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 6 වන සහ 5 වන අසුන් පනවා තිබේ.
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවා ඇති බව සදහන්.
ජනතා විමුක්ති පෙරමුණේ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් ඇතුළු සෙසු පක්ෂ නායකවරුන්ගේ අසුන්වල වෙනසක් සිදුකර නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතුරලියේ රතන හිමි සහ එම පක්ෂ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා හට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීම සිදුකර තිබේ.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ ඉල්ලීමකට අනුව නව පාර්ලිමේන්තු සභාවාරයේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට විපක්ෂයේ අසුනක් වෙන් කිරීමට කටයුතු කර ඇත.