ඕස්ට්‍රේ­ලි­යානු රජය ෆේස්බුක් ගූගල් සමඟ ගැටෙයි | Page 3 | සිළුමිණ

ඕස්ට්‍රේ­ලි­යානු රජය ෆේස්බුක් ගූගල් සමඟ ගැටෙයි

ප්‍රවෘත්ති පළ කර­නවා නම් සල්ලි ගෙවන්න  

- රජය කියයි

අපි කරන්නේ නොමිලේ සේව­යක් 

- ෆේස්බුක් කියයි

ඕස්ට්‍රේ­ලි­යානු රජය විසින් පනවා ඇති නව නීති­ය­කට විරෝ­ධය දක්ව­මින් ඉදි­රි­යේදී එරට කිසිදු ප්‍රවෘ­ත්ති­යක් තම සමාජ ජාලයේ පළ­වී­මට ඉඩ නොදෙන බව ෆේස්බුක් ජාලය පවසා තිබේ. ඕස්ට්‍රේ­ලියා රජය පැන­වී­මට නිය­මි­තව ඇති නව නීති­යට අනුව එරට දේශීය මාධ්‍ය­ව­ලින් උපුටා ගනි­මින් තම වෙබ් අඩ­වි­වල සහ සමාජ ජාල­වල පළ කරන ප්‍රවෘත්ති සඳහා එම ආය­තන වසින් නිශ්චිත මුද­ලක් එම ප්‍රවෘ­ත්තියේ මුල් අයි­තිය සහිත දේශීය මාධ්‍ය ආය­තන වෙත ලබා දිය යුතුය. මේ නීතිය මූලි­කව පැන­වී­මට නිය­මි­තව ඇත්තේ ෆේස්බුක් සහ ගූගල් ආය­තන සම්බ­න්ධ­යෙනි. 

මේ නීතිය සම්බ­න්ධව තම මතය දක්ව­මින් ෆේස්බුක් සමාජ ජාලය පවසා ඇත්තේ තම සමාජ ජාලයේ පළ කරන ප්‍රවෘ­ත්ති­ව­ලට මුදල් ගෙවී­මට තමන්ට නියම කරන්නේ නම් තමන් කිසිදු ඕස්ට්‍රේ­ලි­යානු ප්‍රවෘ­ත්ති­යක් තම සමාජ ජාලයේ පළ කිරී­මට ඉඩ නොදෙන බවයි. 

මේ සම්බ­න්ධව ආය­ත­නයේ මතය මාධ්‍ය වෙත ගෙන එමින් ෆේස්බුක් සමා­ගමේ ඕස්ට්‍රේ­ලියා සහ නව­සී­ලන්ත දෙරටේ කළ­මනා­කාර අධ්‍ය­ක්ෂක විල් ඊස්ටන් පවසා ඇත්තේ තම සමා­ගම දේශීය මාධ්‍ය­වල පළ­වන ප්‍රවෘත්ති උපුටා නොද­ක්වන බවත් බොහෝ­විට සිදු­වන්නේ එම මාධ්‍ය ආය­තන තම සමාජ ජාලයේ තමන්ගේ ප්‍රවෘත්ති පළ කර­මින් ඒවා ජන­ප්‍රිය කර ගැනී­මට උත්සාහ දරන බවත්ය. ඒ අනුව රජය විසින් පැන­වී­මට නිය­මිත මේ නව නීතිය තනි­ක­රම අන­ව­බෝ­ධය මත පද­නම් වූ එකක් බවද ඔහු පවසා තිබේ. 

අන්ත­ර්ජා­ලයේ ක්‍රියා­කා­රී­ත්වය සම්බ­න්ධව ඕස්ට්‍රේ­ලි­යානු රජ­යට නිශ්චිත දැනු­මක් නොමැති බවත්,  මේ නීතිය පන­වන්නේ නම් තම සමාජ ජාලයේ මින් ඉදි­රි­යට කිසිදු ඕස්ට්‍රේ­ලි­යානු ප්‍රවෘ­ත්ති­යක් පළ නොක­රන බවත්, ඒවා උපුටා දැක්වී­මට හෝ කිසි­ව­කුට අව­කාශ ලබා නොදෙන බවත් විල් ඊස්ටන් පවසා ඇත. ඒ අනුව මේ නීති­යෙන් වැඩි හානිය තමන්ට නොව ඕස්ට්‍රේ­ලි­යානු මාධ්‍ය ආය­ත­න­ව­ල­ටම බවද ඔහු පෙන්වා දී තිබේ. 

විල් ඊස්ටන් තව­දු­ර­ටත් පෙන්වා දී ඇත්තේ ඕස්ට්‍රේ­ලි­යානු නීති සම්පා­ද­න­යේදී සහය දක්වන ඕස්ට්‍රේ­ලි­යානු තර­ග­කාරී සහ පාරි­භෝ­ගික කොමි­සම මේ සම්බ­න්ධව නිසි අධ්‍ය­ය­න­යක් කර නොමැති බවයි. එමෙන්ම ඔවුන් ඉතා වැද­ගත් කරුණු නොස­ලකා හැර ඇති බවයි. ඔහු මේ සඳහා උදා­හ­රණ ලෙස මේ වසරේ ගත වූ මාස පහක කාලය ඇතු­ළත ඕස්ට්‍රේ­ලි­යානු පුවත් වෙබ් අඩ­වි­ව­ලට ෆේස් බුක් ඔස්සේ ලැබී තිබුණු ප්‍රවිෂ්ට­යන් සංඛ්‍යාව පෙන්වා දේ. ගත වූ මාස පහක කාලය තුළ එම ප්‍රවි­ෂ්ට­යන් සංඛ්‍යාව බිලි­යන 2.3කි. ඒ අනුව ෆේස් බුක් හි ප්‍රවෘත්ති පළ කිරීම සැබ­වින්ම වාසි­දා­යක වන්නේ කාටද යන්න අමු­තු­වෙන් පැව­සිය යුතු නොවන බව ඔහුගේ අද­හ­සයි. 

මේ සම්බ­න්ධ­යෙන් ගුගල් සමා­ග­මද පවසා ඇත්තේ ‘ඕස්ට්‍රේ­ලි­යා­නු­වන්ගේ ගූගල් භාවි­තය අන­තුරේ‘ බවයි. 

Comments