ඉන්දි­යාව කොවිඩි ලැයි­ස්තුවේ දෙවැනි තැනට එයිද? | Page 3 | සිළුමිණ

ඉන්දි­යාව කොවිඩි ලැයි­ස්තුවේ දෙවැනි තැනට එයිද?

පසු­ගිය මාර්තු මාසයේ කොවිඩ් - 19 ස්වකීය ලෝක ව්‍යප්තිය ඇරඹූ අව­ස්ථා­වේදී අප අනු­මාන කළ පරි­ද්දෙන්ම මේ වන විට ඉන්දි­යාව වසං­ග­තයේ අති බිහි­සුණු අත්දැ­කී­ම්ව­ලට මුහුණ දෙමින් සිටින්නේ ඉතා අවා­ස­නා­වන්ත අන්ද­මිනි. ඉන්දි­යාවේ පාරි­ස­රික සහ සමාජ තත්ත්වය අනුව වයි­ර­ස­යක ව්‍යප්තිය පාල­නය කිරීම ඉතා අසීරු බව මාර්තු මාස­යේ­දීම අනා­වැකි ලෙස ප්‍රකාශ කිරීම අප­හසු කරු­ණක් නොවීය. 

මාස­ය­කට වැඩි කාල­යක් පුරා රට වසා දැමී­මට අග­මැති මෝදි කට­යුතු කළද ඉතා පහ­සු­වෙන් ව්‍යප්ත වන කොවිඩ් වැනි වයි­ර­ස­යක් පාල­නය කිරී­මට අධික ජන­ග­හ­ණ­ය­කින් යුතු, ඉතා අවි­ධි­මත් ජන ව්‍යප්ති­ය­කින් යුතු ඉන්දි­යා­වට අප­හසු විය. මේ වන විට ඉන්දි­යාව ලෝකයේ වැඩිම කොවිඩ් ආසා­දි­ත­යන් සහිත රට­වල් අතර තුන්වැනි තැන රැඳී සිටින්නේ මේ ලියන මොහොත වන විට ආසා­දි­ත­යන් ලක්ෂ 37කට වඩා වාර්තා කර­මිනි. 

එමෙන්ම මේ වන විට ලෝකයේ වැඩිම දෛනික ආසා­දි­ත­යන් සංඛ්‍යාව වාර්තා වන්නේද ඉන්දි­යා­වෙනි. එය දින­කට 75,000කට ආසන්න සංඛ්‍යා­වකි. මේ වන විට ඉන්දි­යාවේ කොවිඩ් හේතු­වෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 66,000 ඉක්මවා තිබේ. දෛනික ආසා­දි­ත­යන් ඉහළ යෑම යනු ඉදි­රි­යේදී මරණ සංඛ්‍යාව ඉහළ යෑමය. එබැ­වින් ඉන්දි­යාව තව­මත් ස්වකීය අභි­යෝ­ගයේ මැදට හෝ පැමිණ නැති බව පැහැ­දි­ලිය. 

පසු­ගිය සතියේ හිටපු ඉන්දීය ජනා­ධි­ප­ති­ව­ර­යකු වූ ප්‍රනාබ් මුඛර්ජි මිය­ගිය අතර මිය යන විට ඔහු 83 හැවි­රිදි වියේ පසු­විය. ඔහු වෙනු­වෙන් ලෝක නාය­ක­යන් ශෝක පණි­විඩ එව­මින් පවසා සිටියේ ඉන්දීය දේශ­පා­ල­න­ඥ­යන් සතුව පැවති තියුණු අන්ත­ර්ජා­තික සබ­ඳතා පවත්වා ගැනීමේ හැකි­යාව සම්බ­න්ධ­වය. බොහෝ දුර දිග දකිනා ඥාන­යෙන් යුක්ත පාල­ක­යන් ඉන්දි­යාව සතු වුවද එරට ජන සමා­ජයේ ජීවන රටාව වෙනස් කිරීම මේ බොහෝ නාය­ක­යන්ට අත තැබී­මට හෝ නොහැකි වූ ක්ෂේත්‍ර­යක් විය. පෞද්ග­ලික පිරි­සි­දු­කම පිළි­බඳ ගැඹු­රෙන් සිතී­මට ජනයා පෙලඹී­මට මහත්මා ගාන්ධි­තු­මාට මහත් වෙහෙ­සක් දැරී­මට සිදු­වීම මේ සඳහා හොඳම උදා­හ­ර­ණ­යකි. 

කෙසේ­වු­වද වසං­ග­තයේ උච්ච­තම අව­ස්ථාවේ වුවද සාමාන්‍ය ජන­ජී­වි­තය හැකි­තාක් දුරට පවත්වා ගනි­මින්, ආර්ථි­කය බිඳ වට්ටා නොග­නි­මින් ඉන්දි­යාව මේ මොහොතේ යන ගමන අගය කළ යුතුය. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පව­සන්නේ වයි­ර­සයේ ව්‍යප්තියේ කිසිඳු අඩු­වක් දක්නට නොමැති නමුත් වාර්තා වන මරණ සංඛ්‍යාව අඩු­වෙ­මින් පව­තින බවයි. තව­මත් ඇම­රි­කාව ලෝකයේ වැඩිම කොවිඩ් ආසා­දි­ත­යන් වාර්තා කර­මින් සිටින අතර එය මේ වන විට ලක්ෂ 62 ඉක්මවා තිබේ. බ්‍රසී­ලය දෙවැනි ස්ථානයේ පසු­වු­වද ඉක්ම­නින්ම ඉන්දි­යා­වට එම ස්ථානය ලබා දීමට සිදු­වනු ඇති බවට ලකුණු දක්නට ලැබෙ­මින් තිබේ. 

Comments