
අත්හැර දමන ලද අද්භූත නැව් වෙරළට ගොඩගසන්නේ ප්‍රබන්ධ කතාවල පමණක් යැයි අපි සිතමු. එහෙත් සත්‍යය ප්‍රබන්ධයට වඩා හැමවිටම ඉදිරියෙන් බව අප විශ්වාස කරන්නේ නැත. පසුගියදා යුරෝපය හරහා හමාගිය ඩෙනිස් සුළිකුණාටුවෙන් පසු අයර්ලන්තයේ කන්ට්‍රි ක්‍රොක් වෙරළ තීරය අවට ජනතාවට දැක ගැනීමට ලැබුණේ වෙරළට ගොඩගසා තිබූ අද්භූත නෞකාවකි. එහි කිසිවකුත් නොවූ අතර හඳුනා ගැනීමට කිසිදු ලකුණක් හෝ නොවීය. එය අත්හැර දමන ලද නෞකාවක් බව පැහැදිලිව පෙනී ගිය නමුදු අත්හැර දමන ලද හේතුව තහවුරු කර ගැනීමට කිසිදු සාක්ෂියක් නොවීය. මේ දක්වා නැවට අයිතිවාසිකම් කියන්නද කිසිවකු ඉදිරිපත් වී නැත.