අවු­රුදු 46000ක් පැරණි කුරු­ල්ලෙක් | Page 3 | සිළුමිණ

අවු­රුදු 46000ක් පැරණි කුරු­ල්ලෙක්

වු­රුදු මිලි­යන ගණ­නක් පැරණි ෆොසි­ල­ය­කින් මතු වන මදු­රු­ව­කුගේ කුස තුළ රැඳි රුධිර බිඳු­ව­කින් ලබා ගන්නා ජාන වර්ධ­නය කර ඩයි­නෝ­ස­ර­යන් යළි මිහි­මත ඇති කිරීමේ අපූ­ර්ව­තම කතාව සින­මා­වට ගෙන එමින් ස්ටීවන් ස්පිල්බර්ග් ලෝක­යම එම­ගින් රසා­ලිප්ත කිරී­මට සමත් වූයේය. එහෙත් සැබ­වින්ම සත්‍ය ප්‍රබ­න්ධ­යට වඩා සුන්ද­රය. අනික් අතට ප්‍රබ­න්ධය කවර හෝ මොහො­තක සත්‍ය බව දැන ගැනී­ම­ටද ලැබිය හැකිය. එවන් වූ පුව­තක් පසු­ගි­යදා සයි­බී­රි­යා­වෙන් වාර්තා විය.

ඊශාන දිග සයි­බී­රි­යාවේ කැණීම් කට­යු­තු­වල නිරත වෙමින් සිටි විද්‍යා­ඥ­යන් පිරි­ස­කට පතුලේ අයිස් ස්ථර­යක සිරවී තිබුණු කුරුළු සිරු­රක් හමු­විය. බැලූ බැල්මට එය පැය කිහි­ප­ය­කට පෙර මිය ගිය කුරු­ල්ල­කුගේ සිරු­රක් මෙන් විය. එහෙත් එත­රම් ආස­න්නයේ මිය ගිය කුරු­ල්ලකු අයිස් ස්ථර­යක අභ්‍ය­න්ත­රයේ සිරව සිටින්නේ කෙසේද? එම පැණය ඔස්සේ යමින් මේ කුරුලු සිරුර පර්යේ­ෂ­ණා­ගා­රය වෙත යැවී­මට විද්‍යා­ඥයෝ කට­යුතු කළහ. පර්යේ­ෂ­ණා­ගා­ර­යේදී කුරුලු සිරුර විච්ඡේ­ද­නය කළ විද්‍යා­ඥයෝ පුදු­ම­යට පත් වූයේ මේ කුරුල්ලා මිය ගොස් ඇත්තේ පැය කිහි­ප­ය­කට පෙර නොව අදින් වසර 46000කට පෙර බව තහ­වුරු කර ගැනී­මෙනි.

අදින් වසර 46000ක් යනු මේ මහ පොළොව මත දිගු මවි­ල්ව­ලින් පිරුණු සිරු­රින් යුක්ත වූ මැමත් ඇතුන් රජ කළ යුග­යයි. මේ කරුල්ලා ජීවත් සිට ඇත්තේ මැම­ත්ව­රුන් අත­රය. එමෙන්ම මේ කරුල්ලා හෝර්න් ලාක් වර්ග­යට අයත් බවද විද්‍යා­ඥ­යන් තහ­වුරු කර තිබේ.

එම යුගය පෘථි­වියේ අව­සන් අයිස් යුගය ලෙස සැලකේ. එම යුග­යේදී දැන් සයි­බී­රි­යාව පව­තින ප්‍රදේ­ශයේ තුන්ද්‍රා වර්ගයේ දේශ­ගු­ණ­යක් පැවති බවට ද සැක මතුවී තිබේ.

2018 වස­රේ­දීද සයි­බී­රි­යාවේ බෙලියා ගෝරා ප්‍රදේ­ශයේ කැණී­ම්ව­ලදී මෙවැ­නිම ඉපැ­රණි කරුලු සිරු­රක් හමුවී තිබේ. එම සිරුර සම්බ­න්ධව පර්යේ­ෂණ සිදු­කළ ස්ටොක්හෝම් විශ්ව­වි­ද්‍යා­ල­යට සහ ස්වභා­වික විද්‍යාව පිළි­බඳ ස්වීඩන කෞතු­කා­ගා­ර­යට මේ පසු­ගි­යදා සොයා ගත් කුරුලු සිරු­රද පර්යේ­ෂණ සඳහා බාර දීමට කට­යුතු යොදා තිබේ.

ඇතැම් විට වැඩි­දුර පර්යේ­ෂණ සාර්ථක වීමෙන් යළි මේ මිහි­ත­ලය මත මැමත් සතුන් බිහි කිරී­මට විද්‍යා­ඥ­යන්ට හැකි වුව හොත් එය මයි­කල් ක්‍රිච්ටන්ගේ ජුරා­සික් පාර්ක් ප්‍රබ­න්ධය යථා­වක් වනු ඇත.

Comments