වූහන්: ‘ඔව් අපට පුළු­වන්’ | Page 3 | සිළුමිණ

වූහන්: ‘ඔව් අපට පුළු­වන්’

වුහු මුළු මනුෂ්‍ය සංහ­තිය අත­රින් හුද­කලා කර ඇත්තේය. ඔවුන් හා ගැව­සී­මට ඔවුන්ම හැර අන් කිසි­ව­කුත් නැත. ඔවුන්ගේ දුකට ඔවුන්ම පම­ණ­ක්මය. එහෙත් ඔවුන් සවි­මත්ය. දැනට දින දහ­ය­කට ආසන්න කාල­යක් ඔවුන් වෙසෙන්නේ ලෝක­යෙන් හුද­ක­ලා­වය. එහෙත් ඔවුහු සාමූ­හි­කව ගී ගය­මින් තම ආත්ම ශක්තිය වඩවා ගනි­මින් සිටිති. චීන බසින් ‘ වූහන්.. අපිට පුළු­වන්.. අපි ජය­ග­නිමු‘ යනු­වෙන් ඔවුන් එකා­මෙන් නිවෙස් තුළට වී හඬ නගන සංවේදී දර්ශන මේ දින­වල සමාජ ජාල­වල දිස්වන්නේ නෙතට කඳු­ලක් එක් කර­මිනි.

මේ වන විට වැළැ­ක්වී­මට කොතෙක් උත්සාහ දැරු­වද නව කොරෝනා වයි­ර­සය ලෝකය පුරා පැතිරී අව­සන්ය. විශේ­ෂ­යෙන්ම ආසි­යාවේ රට­වල් කිහි­ප­ය­කින්ම නව කොරෝනා වයි­ර­සය ආසා­දිත වූ රෝගීන් හමුවී තිබේ.

දැනට චීනය ඉතා විශාල වෙහෙ­සක් දර­මින් නව කොරෝනා වයි­ර­ස­යට ප්‍රති­කර්ම සොය­මින් සිටි­න්නේය. කොරෝනා වයි­රස යනු­වෙන් හඳු­න්වන්නේ සතු­න්ගෙන් මිනි­සුන්ට බෝ වන්නා වූ රෝග කාරක වයි­ර­ස­යන්ය. මීට පෙර 2003 වස­රේදී සහ 2012 වස­රේදී කොරෝනා වයි­රස දෙකක් චීන­යෙන් ඇරඹී ලොව පුරා පැතිර ගිය අතර ඒ වයි­රස දෙක පසුව සාර්ස් සහ මාර්ස් යනු­වෙන් නම් කරන ලදී. දැන් මේ නව කොරෝනා වයි­ර­සය සමග සටන් කිරීම මුළු මහත් මිනිස් වර්ග­යාගේ එකම අර­මුණ වී තිබේ. එහි අභි­යෝ­ගය චීන ජාති­ක­යන්ට පම­ණක් නොවේ. මුළු මහත් මිනිස් වර්ග­යා­ට­මය.

දැනට ලොව පුරා විද්‍යා­ඥ­යන්ගේ අද­හස වන්නේ කොරෝනා වෛර­සය ඉදිරි දින 7 ත් 10 ත් අතර උප­රිම තල­යට පත් වී ඉන්පසු ක්‍රම ක්‍රම­යෙන් වර්ධන වේගය අඩුවී අව­සන් වනු ඇතැයි යනු­වෙනි. එහෙත් ඔවුන් තව­දු­ර­ටත් පව­සන්නේ කොරෝනා වෛර­සය උප­රිම තල­යට පත්වන දින වක­වානු සම්බ­න්ධව ස්ථිර නිග­ම­න­යක් පැව­සිය නොහැකි බවයි. දැනට හුද­කලා කර තිබෙන නගර එසේ කිරී­මෙන් දින 14කට පමණ පසු කොරෝනා වෛර­සයේ උප­රිම තලය ඇති­විය හැකි බවත්, ඉන්පසු හුද­කලා කර තිබෙන නග­ර­ව­ලින් රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යා­වද උප­රිම ලෙස වාර්තා විය හැකි බවත් විද්‍යා­ඥ­යන්ගේ අද­හස වී තිබේ. එහිදී අවශ්‍ය රෝගීන් රෝහල් ගත කර අවශ්‍ය ප්‍රති­කාර ලබා දීම­ටත් එසේම එම දින 14 අව­සන් වන විට වූහාන් නග­රයේ සිටින, එහෙත් වයි­ර­ස­යට ගොදුරු නොවූ ජන­තාව නිරෝගී පිරිස් ලෙස සලකා නැවත සාමන්‍ය ජීවි­තය පවත්වා ගෙන යාම­ටත් ඉඩ ලබා­දෙනු ඇතැයි පැවසේ.

සැබ­වින්ම චීනය මේ තත්ත්ව­යට අති සාර්ථ­කව මුහුණ දෙමින් සිටින බව පැව­සිය යුතුය. මේ සා විශාල වයි­ර­ස­යක් පැතිරී ගියද ඔවුන් කණ­ගා­ටු­වෙන් හෝ බලා­පො­රොත්තු බිඳ වැටුණු ස්වභා­ව­යෙන් පසු­වනු කිසි­සේත් දැක ගන්නට නැත. ඒ වෙනු­වට ඔවුන් ඉතා දැඩි ලෙස අපේ­ක්ෂා­ස­හ­ග­තව උත්සාහ කර­මින් සිටිති.

රෝගය තදින් පැතිරී ගිය ප්‍රදේ­ශ­වල රෝහ­ල්වල ඇති රෝගීන්ගේ තද­බ­දය කල්ත­බාම අව­බෝධ කර­ගත් චීනය අත­ර­මග වැඩ නත­ර­කර තිබු, එනම් මැයි මස විවෘත කිරී­මට සැල­සුම් යොදා තිබු වූහන් හි ගොඩ­නැ­ගි­ල්ලක් දින 2 ක් ඇතු­ලත ජල නල කාර්මි­ක­යින්, විදුලි කාර්මි­ක­යින් ඇතු­ළුව ඉදි කිරීම් සේව­ක­යින් දහ­සක් සහ හමු­දාව යොදවා එහි අව­සන් අදි­යරේ වැඩ කටු­යතු දින දෙක­කින් අව­සන් කර පසු­ගිය බදාද දින රෝහ­ලක් බවට පත් කර වෙද්‍ය­ව­රුන්ට බාර දීමට සමත් විය. එහි රෝගීන් දහ­ස­කට නේවා­සික ප්‍රති­කාර ලැබිය හැකිය.

ඉදි­රියේ තත්වය තවත් උග්‍ර විය හැකි බැවින් ඔවුන් තවත් ඇදන් 1000 රෝහ­ලක් දින 10 න් නිමවා පෙබ­ර­වාරි 03 දින රෝගීන් ඇතු­ලත් කර ගැනී­ම­ටත්, එසේම තවත් ඇදන් 1300 තවත් රෝහ­ලක් පෙබ­ර­වාරි 05 දින ඉදි­කි­රීම් අව­සන් කර රෝගීන් ඇතු­ලත් කර ගැනී­ම­ටත් දින වක­වානු යොදා ගෙන ඇත.

චීන­යෙන් ලැබෙන මාධ්‍ය වාර්තා අනුව පෙබ­ර­වාරි මුල් සතියේ කොරෝනා වයි­ර­සය එහි උප­රි­ම­යට පැමි­ණී­මට ඉඩ තිබේ. එහෙත් දැනට බොහෝ පිරිස් බලා­පො­රොත්තු වන්නේ ඉදිරි සති­යක් හො තවත් දින 10ක් තුල රෝගීන් හා මරණ උප­රිම වී ඉන්පසු පැති­රීමේ වේගය ක්‍රම ක්‍රම­යෙන් අඩු­වෙ­මින් යා හැකි බවයි. එහෙත් තව­දු­ර­ටත් වයි­ර­සය තවත් යම් කාල­යක් පව­තිනු ඇතැයි විශ්වාස කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ප්‍රධානි ටිඩො­රොස් ඇඩ්නොම් ගෙබ්රි­ය­සස් හා ප්‍රධාන විධා­යක නිල­ධා­රී­ව­රයා චීනයේ සිදු­කල සංචා­ර­යෙන් පසුව පවසා සිටියේ වයි­ර­සය පාල­නය කිරී­මට චීනය ගන්නා ක්‍රියා­මාර්ග ගැන තමන් ඉතා­මත් ප්‍රසා­ද­යට පත් වූ බවයි.

පසුව ඔවුන් මුළුමහත් ලෝකයටම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුන් සෙසු රට­ව­ලින් ඉල්ලා සිටින්නේ මේ අර්බු­දයේ භයා­නක බවත් වටහා ගෙන තම රට­වල් තුළ එය පැතිර යෑම පාල­නය කිරී­මට දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි. ලැබී ඇති නව­තම වාර්තා අනුව මේ වන­විට කොරෝනා වෛර­ස­යෙන් මේ වන විට මරණ 213 වාර්තා වී ඇත. එසේම දැනට චීන­යෙන් සොයා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10000 දක්වා වැඩි වී තිබේ. එසේම දැනට රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යා­වක් අසාධ්‍ය තත්වයේ පසු කන බවට වාර්තා වේ.

දැනට රෝගය ඇතැයි සැක සහිත තත්වයේ පසු­වෙන පුද්ග­ල­යින් 13167 පමණ චීනයේ රෝහ­ල්වල ප්‍රති­කාර ලබ­මින් සිටිති. එසේම මේ කොරෝන වයි­ර­සය අසා­ධ­නය වූ රෝගීන්ගේ ඥාතීන් වන 82 000ක පමණ පිරි­සක් රෝහ­ල්වල නිරී­ක්ෂණ මට්ටමේ තබා තිබේ. ඒ අත­රින් 3000ක පමණ පිරි­සක් නිරෝගී වශ­යෙන් සලකා වෛද්‍ය නිරී­ක්ෂ­ණ­ය­න්ගෙන් නිද­හස් කර ඇතැයි චීන වාර්තා­වල සඳ­හන් වේ.

මේ වන විට ප්‍රති­කාර ලැබී­මෙන් පසුව සම්පූ­ර්ණ­යෙන් සුවය ලබා රෝහ­ල්ව­ලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 124කි.

එසේම ප්‍රංස­යෙන් 5 වන රෝගියා ද පසු­ගිය සතියේ වාර්තා විය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යෙන් එකම පවුලේ චීන ජාති­ක­යින් 4 දෙනෙ­කු­ටත්, එසේම සිංග­ප්පු­රුවේ දෙදෙ­නෙක්ද වශ­යෙන් දැනට රට­වල් 20ක් කොරෝනා වයි­ර­ස­යට ගොදුරු වී ඇත.

කොරෝනා වෛර­ස­යට ප්‍රති­කා­ර­යක් සොය­මින් චීනය, ඕස්ට්‍ර්ලි­යාව, ඇම­රි­කාව, හොං කොං ඇතු­ලුව ලොව රට­වල් රැසක පරී­ක්ෂණ පැවැ­ත්වෙ­මින් තිබේ. විදෙස් ආරංචි මාර්ග අනුව එවැනි ඖෂ­ධ­යක් සොයා ගත්තද එය එක්ව­රම රෝගීන්ට ලබා දීමක් සිදු කල නොහැකි අතර එය ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ කමිටු හරහා අනු­මත වී පිළි­ගත් බෙහෙ­තක් ලෙස හෝ එන්න­තක් ලෙස ලබා දීමට කළ යුතු වේ. මේ සඳහා සැල­කිය යුතු කාල­යක් ගත වන බවද ප්‍රකා­ශි­තය.

පසු­ගිය සතියේ ගුවන් සේවා සමා­ගම් හත­කට වැඩි ගණ­නක් සේව­ක­යින්ගේ ආර­ක්ෂාව හා මගීන් නොමති වීම හේතූන් ලෙස දක්ව­මින් චීනය දක්වා තමන්ගේ ගුවන් ගමන් නවතා ඇත.

පසු­ගි­යදා වුහන් නග­ර­යෙන් ඉවත් කර­ගත් ජපාන ජාති­ක­යන් 206 දෙනා­ගෙන් සිසු­න්ගෙන් තිදෙ­නෙ­කුට කොරෝනා වයි­ර­සය වැළදී ඇති බවත් තවත් 13 දෙනෙකු උණ හා කැස්ස තත්ව­යෙන් රෝහල් ගත කර ඇති බවත් ජපන් සෞඛ්‍ය බල­ධා­රීන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද වූහන් නග­ර­යෙන් තම පුර­වැ­සි­යන් ඉවත් කර ගැනී­මට සමත් වූ රට­වල් සිය­ල්ලම ඔවුන් ඉතා විධි­මත්ම රඳවා ඇති බැවින් ඔවුන් සාමාන්‍ය පුර­වැ­සි­යන් සමග ගැවසී බර­ප­තල තත්ත්ව­යන්ට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වුවද වූහන් තව­මත් හුද­ක­ලාය. එහෙත් මනුෂ්‍ය වර්ගයා වයි­ර­සය සමග සට­නින් ඉක්ම­නින්ම ජය­ග්‍ර­හ­ණය කරණු නිසැ­කය.

Comments