හඬ­ප­ට­යක් මූලික කරගනි­මින් ඉදි­රි­පත් කෙරුණු ට්‍රම්ප්ගේ දෝෂා­භි­යෝ­ගයේ අලුත්ම තත්ත්වය | Page 3 | සිළුමිණ

හඬ­ප­ට­යක් මූලික කරගනි­මින් ඉදි­රි­පත් කෙරුණු ට්‍රම්ප්ගේ දෝෂා­භි­යෝ­ගයේ අලුත්ම තත්ත්වය

මේ දින­වල අමෙ­රි­කාවේ පාර්ලි­මේ­න්තුවේ එරට ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙ­හිව ඉදි­රි­පත් වී ඇති දෝෂා­භි­යෝ­ගය විභාග වෙමින් තිබේ. අමෙ­රි­කානු පාර්ලි­මේ­න්තුවෙ ස්තර දෙක­කින් සම­න්විත වන අතර ඒ නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලය සහ සෙනෙට් මණ්ඩ­ල­යයි. ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාට ධූරය හැර යෑමට නම් දෝෂා­භි­යෝ­ගය ඉහත කී මණ්ඩල දෙකේම සාමා­ජි­ක­යන් ගෙන් සම්මත විය යුතුය. නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලය තුළ ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විරුද්ධ පාක්ෂි­ක­යන්ට හෙවත් ඩිමො­ක්‍ර­ටි­ක්ව­රුන්ට වැඩි බල­තල හිමි­වු­වද සෙනෙට් මණ්ඩ­ලයේ වැඩි බල­තල රිප­බ්ලි­ක­න්ව­රුන් සතු වන්නේය. එබැ­වින් දෝෂා­භි­යෝ­ගය සම්මත නොවී­මෙන් ජනා­ධි­ප­ති­ව­රයා ආරක්ෂා වීමට වැඩි ඉඩ­ක­ඩක් පවතී.

මේ දින­වල අමෙ­රි­කාවේ සිය­ලු මාධ්‍ය මේ දෝෂා­භි­යෝ­ගයේ විභා­ගය සම්බ­න්ධව පූර්ණ අව­ධා­නය යොමු කර ඇති අතර ශ්‍රී ලංකාවේ අපට වඩා ආසන්න වන්නේ මේ දෝෂා­භි­යෝ­ගය ඉදි­රි­පත් වීම­ටද හඬ­පට සිදු­වී­මක් මූලික වීමෙනි. මේ දින­වල ශ්‍රී ලංකාවේ ඇතැම් දෙනා හඬ­පට ආන්දෝ­ලන­යක් කෙරෙහි අව­ධා­නය යොමු කර සිටින නමුදු අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­යාට දෝෂා­භි­යෝ­ග­යක මුහුණ දීමට හේතු වූයේද හඬ­පට සාක්ෂි ලෙස ඉදි­රි­පත් කළ සිදු­වී­මක් බව නොද­න්න­වාට සැක නැත.

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හඬ­ප­ට­ව­ලට අදාළ සිදු­වීම සිදු­වන්නේ 2019 වසරේ ජූලි මස 25වැනි දින­යේදී ය. එදින ජනා­ධි­පති ට්‍රම්ප් යුක්රේ­නයේ අලු­තින් තේරී පත්වුණු ජනා­ධී­පති ව්ලොඩි­මි­යර් සොලෙ­න්ස්කිට දුර­ක­ථ­න­යෙන් අම­ත­න්නේය. එසේ අම­ත­මින් ඔහු පව­සන්නේ අමෙ­රි­කාවේ ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ දැනට ඉදි­රි­යෙන්ම සිටින, 2020 ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වීමට වැඩි ඉඩක් පව­තින හිටපු ජනා­ධි­පති ඔබා­මාගේ උප ජනා­ධි­ප­ති­ධූ­රය හෙබවූ ජෝ බයි­ඩන්ගේ පුත්‍රයා හා සම්බන්ධ කතා­වකි. ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී යුක්රේන ජනා­ධි­ප­ති­ව­ර­යාට පව­සන්නේ ජෝ බයි­ඩන්ගේ පුතු හන්ටර් බයි­ඩන් යුක්රේන සමා­ග­මක අධ්‍යක්ෂ ධූර­යට පත්ව ඇති බැවින් ඒ සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙසයි. හන්ටර් බයි­ඩන්ට එම සමා­ගම් අධ්‍යක්ෂ ධූර­යට පත්වී­මට නිසි සුදු­සු­කම් නොතිබූ බවත් එම රැකි­යාව ලබා ගැනී­මේදී ජෝ බයි­ඩන් කිසි­යම් ආකා­ර­ය­කින් මැදි­හත් වීමක් කර ඇතිද යන්නත් නිශ්චි­තව සොයා ගැනීම ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අර­මුණ වී පැවති බවට විචා­ර­ක­යන් මත පළ කර තිබේ.

කෙසේ වුවද මේ දුර­ක­ථන ඇම­තු­මෙන් පසු යුක්රේන ජනා­ධී­පති සොලෙන්ස්කි, හන්ටර් බයි­ඩන්ගේ ධූරය සම්බ­න්ධව සොයා බැලීම ආරම්භ කර තිබුණි. ඒ අතර මේ දුර­ක­තන සංවා­දය කණ වැකුණු තවත් පිරි­සක්ද වැඩ­ක­ට­යුතු අැර­ඹූහ. ඒ ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විරුද්ධ පාක්ෂික ඩිමො­ක්‍ර­ටි­ක්ව­රුන්ය. හන්ටර්ගේ පත්වීම අදාළ කර ගනි­මින් බයි­ඩන්ගේ කකු­ලෙන් ඇද 2020 මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරී­මට උත්සාහ ගත් ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව ඩිමො­ක්‍ර­ටි­ක්වරු එම සිද්ධි­යම පෙරළා භාවිත කර­මින් 2020 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ට්‍රම්ප් පරා­ජය කිරී­මට යොදා ගැනී­මට කට­යුතු කර­මින් සිටිති.

ඩිමො­ක්‍ර­ටි­ක්ව­රුන්ගේ තර්කය වී ඇත්තේ යුක්රේන ජනා­ධි­ප­ති­ව­ර­යාට ජෝ බයි­ඩන්ගේ පුත්‍රයා සම්බ­න්ධව කට­යුතු කරන ලෙසත් නැති­නම් යුක්රේ­න­යට ලබා­දෙන හමුදා ආධාර කපා හරින බවත් පවසා බල­පෑම් කර­මින් තම ධූරයේ බල­තල අයුතු ලෙස භාවිත කර ඇති බවයි. කෙසේ වුවද ආධාර කපා හරින බවට තර්ජ­නය කළද පසු­ගිය වසරේ සැප්තැ­ම්බර් මස 11 වැනිදා යුක්රේ­න­යට හමුදා ආධාර දීමට ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කර තිබිණි. එම මාස­යේම 24වැනිදා ඩිමො­ක්‍ර­ටි­ක්ව­රුන් විසින් දෝෂා­භි­යෝ­ගය සභා ගත කරන ලදී.

සාක්ෂි ලෙස අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සහ යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා අතර පැව­තුණු දුර­ක­තන සාක­ච්ඡාවේ හඬ­ප­ටද ඔවුන් විසින් ලබා­ගෙන තිබුණු අතර ඒවා ඉතා ආර­ක්ෂා­කාරී ලෙස තබා ගැනී­ම­ටද ඔවුන් කට­යුතු කර තිබිණි. ඔක්තෝ­බර් වන විට ඩිමො­ක්‍ර­ටි­ක්ව­රුන් විසින් තව­දු­ර­ටත් සාක්ෂි කැඳවා තිබුණු අතර ඒ සඳහා යුක්රේ­නයේ අමෙ­රි­කානු තානා­ප­ති­ව­රයා සහ ධවල මන්දිර සේව­ක­යන් ඇතුළු පිරි­සක්ද අයත් වී සිටි­යහ.

මේ සඳහා ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පාර්ශ්ව­යෙන් පිළි­තුරු බඳි­මින් ධවල මන්දිර ප්‍රකා­ශ­ක­යෙක් පවසා සිටියේ යුක්රේන ජනා­ධි­ප­ති­ව­රයා සමග කෙරුණු සියලු සාකච්ඡා අමෙ­රි­කාවේ විදේශ ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව සිදු කෙරී ඇති බවයි. එමෙන්ම යුක්රේ­න­යට ලබා දෙන හමුදා ආධාර කපා­හ­රින බව පවසා ඇත්තේ පසු­ගිය කාල­යේදී යුක්රේ­නයේ සිදුවී ඇති වංචා දූෂණ හේතු­වෙන් බවයි.

ඔක්තෝ­බර් 31වැනිදා අමෙ­රිකා පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දෝෂා­භි­යෝග යෝජ­නා­වට පක්ෂව ඡන්ද 196ක් ලබා දෙමින් එය ඉදි­රි­යට පව­ත්වා­ගෙන යෑමට අනු­මැ­තිය ලබා දුන්නේය. ඒ අනුව පසු­ගිය නොවැ­ම්බර් 13වැනිදා දෝෂා­භි­යෝ­ගය ඉදි­රි­යට ගෙන යෑම කට­යුතු ආරම්භ විය.

නොවැ­ම්බර් 13වැනිදා සිට සාක්ෂි කැඳ­වීම් ආරම්භ වූ අතර එහිදී නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ බුද්ධි කමි­ටුවේ ප්‍රධානී ඇඩම් චීෆ් ජනා­ධි­ප­ති­ව­රයා අල්ලස් ලබා­දී­මට උත්සාහ ගෙන ඇතැයි චෝදනා කර සිටි­යේය. එය ආර්ටි­කල් ටූ නම් වන වග­න්තිය යටතේ දෝෂා­භි­යෝ­ග­යක් එල්ල කිරී­මට ප්‍රමා­ණ­වත් චෝදනා­වක් බව පෙන්වා දුන් බුද්ධි කමිටු ප්‍රධා­නියා ඒ සම්බ­න්ධව සාක්ෂි ඉදි­රි­යට ගෙන යෑමට අව­සර පැතු­වේය. ඉන්පසු ඒ සම්බ­න්ධව සාක්ෂි ඉදි­රි­පත් වූ අතර රාජ්‍ය සේව­ක­යන් 12දෙනෙක් ඒ සම්බ­න්ධ­යෙන් සාක්ෂි ලබා දීමට ඉදි­රි­පත්ව සිටි­යහ. පසුව අල්ලස් දීමට උත්සාහ කිරීම සහ බලය අයුතු ලෙස භාවිත කිරීම යන චෝදනා ද්විත්ව­යම ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව එල්ල කිරී­මට ඩිමො­ක්‍ර­ටි­ක්වරු උත්සාහ දැරූහ.

එහිදී සිදු කරන ලද ඡන්ද විම­සී­මේදී සියලු රිප­බ්ලික් පක්ෂ සාමා­ජි­ක­යන් යෝජ­නා­වට විප­ක්ෂව ඡන්දය ලබා දුන් අතර ඒ සඳහා ඩිමො­ක්‍ර­ටික් සාමා­ජි­ක­යන් දෙදෙනකු­ගේද ඡන්ද හිමිව තිබිණි.

මේ වන විටත් දෝෂා­භි­යෝ­ගයේ ඉදිරි කට­යුතු සිදු­වෙ­මින් පව­තින අතර ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඒ සම්බ­න්ධව නොයෙක් ප්‍රති­චා­ර­යන්ද ලැබෙ­මින් තිබේ. ඔහු ට්වීටර් ඔස්සේ අද­හස් දක්ව­මින් පවසා ඇත්තේ නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ ප්‍රධා­නියා සහ බුද්ධි කමි­ටුවේ ප්‍රධා­නියා රාජ­ද්‍රෝහී වීම යන චෝදනා යටතේ අත්අ­ඩං­ගු­වට ගත යුතු වන බවයි. මේ දෝෂා­භි­යෝ­ගය ජන­තා­වගේ මතය, ජනතා කැමැත්ත සහ ජනතා නිද­හස ඔවු­න්ගෙන් උදුරා ඉවත විසි කර දැමී­මට දරන්නා වූ උත්සා­හ­යක් බවද ජනා­ධි­ප­ති­රයා පවසා තිබිණි.

මේ අතර දෝෂා­භි­යෝ­ගය සම්බ­න්ධව ජනතා මතය විමසූ එක් වෙබ් අඩ­වි­යක් ඉදි­රි­පත් කර තිබූ දත්ත අනුව අමෙ­රි­කානු ජන­තා­ව­ගෙන් සිය­යට 56ක් ජනා­ධි­ප­ති­ව­රයා ඉවත් නොකළ යුතුය යන අද­හස දරණ බවයි. සිය­යට 26ක් ජනා­ධි­ප­ති­ව­රයා ඉවත් කළ යුතුය යන මතය දරන බවත් සෙසු පිරිස කිසිදු අද­හ­සක් නොද­රන බවත්ය.

මේ වන විටත් දෝෂා­භි­යෝ­ගය විභා­ග­යට ගැනෙ­මින් පව­තින අතර එහි ඉදිරි ප්‍රති­ඵල ඉක්ම­නින්ම දැන ගැනී­මට ලැබෙනු ඇත. කෙසේ වුවද මේ වසරේ නොවැ­ම්බර් මාසය වන විට මීළඟ ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගැනීම වෙනු­වෙන් අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මට නිය­මි­තය. තම ධූර කාලය ආරම්භ වූ තැන් සිට ඩිමො­ක්‍ර­ටි­ක්ව­රුන්ගේ කකු­ලෙන් ඇදීම් මධ්‍යයේ කට­යුතු කළ ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ රිප­බ්ලි­කන් අපේ­ක්ෂ­කයා වීමට වැඩි ඉඩක් පව­තින බව දැනට පෙනෙ­න්නට තිබෙන කරු­ණයි. කෙසේ වුවද අප රටේ මෙන්ම අමෙ­රි­කා­වේද දේශ­පා­ල­න­ඥ­යන් තම තමන්ගේ දුර­ක­තන සාකච්ඡා සම්බ­න්ධව මින් පසු මීට වඩා අව­ධා­නය යොමු කරනු ඇති බවද සිතිය හැකියි.

Comments