සාමාන්‍ය හැරී | Page 3 | සිළුමිණ

සාමාන්‍ය හැරී

රැඩි­කල් තීර­ණ­යක් ගැනීම හේතුවෙන් මේ වන විට මුළු මහත් ලෝක­යේම අව­ධා­නය දිනා සිටින හැරී කුමරු පසු­ගිය 21 වැනිදා සාමාන්‍ය මිනි­සකු ලෙස කැන­ඩා­වට පැමි­ණි­යේය. ඊට පෙර ඔහුගේ බිරිය මේගන් සහ පුතු ආචි කැන­ඩා­වට පැමිණ සිටි­යහ. කුමරු මෙලෙස කැන­ඩා­වට පැමි­ණියේ ඔවුන් හා එක්වී­ම­ටය. ඒ සම­ගින් පෙර ප්‍රකාශ කළ පරිදි තමා උප­යන මුද­ලින් ජීවි­තය ගෙන යමින් ‘සාමාන්‍ය මිනි­සකු සේ‘ ජීවි­තය ඇර­ඹී­ම­ටද කුමරා අද­හස් කර තිබේ.

ජන­වාරි 21වැනිදා සවස 7 වන විට ඔහු වැන්කු­වර් ගුවන් තොටු­පො­ළට පැමිණ තිබේ. එතැ­නින් වෙස්ට් ජෙට් ගුවන් යාන­යක නැගී සෙසු මගීන් සමග තම ගමන් මල්ලද කරේ දමා­ගෙන කුමරා වික්ටෝ­රියා අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළින් පිටත්ව වැන්කු­වර් දූප­තට නික්ම යන දර්ශන මාධ්‍ය වෙත පැමිණ තිබේ. කුමරු හිනා­වෙ­මින් ඉතා සැහැ­ල්ලු­වෙන් සහ සතු­ටෙන් සිටිනු දැක ගත හැකි වූ බව ඔහු සියැ­සින් දුටු පුද්ග­ල­යන්ගේ අද­හස වී තිබේ. කුමරා රැගෙන යෑමට එස්යූවී වර්ගයේ රථ­යක්ද ගුවන් තොටු­පො­ළට පැමිණ තිබේ.

මින් ඉදි­රි­යට හැරී ‘රාජ­කීය කුමරා‘ යනු­වෙන් හැඳි­න්වී­මක් සිදු නොක­රන බව බකිං­හැම් මාලි­ගය විසින් ඉදි­රි­පත් කරන ලද ප්‍රකා­ශ­යක සඳ­හන් වූ අතර එහෙත් ඔහුට සහ මේගන්ට සසෙක්ස්හි ආදි­පා­ද­ව­රයා සහ ආදි­පා­ද­ව­රිය යන නාම­යන් දිග­ටම භාවිත කිරීමේ අව­ස­රය හිමි වී තිබේ. මේ අතර කැන­ඩාව බලා පිටත්ව යෑමට පෙර ප්‍රකා­ශ­යක් කර­මින් හැරී කුමරු පවසා තිබුණේ ‘මේ තීර­ණය ගැනීම පහසු නොවූ බවයි. එමෙන්ම තව­දු­ර­ටත් ජන­තා­වගේ බදු මුද­ල්ව­ලින් තමා යැපෙන්නේ නැති බවත්ය.‘

Comments