‘ටයිම්’ සඟ­රාව මෙවර වසරේ පුද්ග­ලයා ලෙස ග්‍රේටා තන්බර්ග් නම් කරයි | Page 3 | සිළුමිණ

‘ටයිම්’ සඟ­රාව මෙවර වසරේ පුද්ග­ලයා ලෙස ග්‍රේටා තන්බර්ග් නම් කරයි

යිම් සඟ­රාව මෙවර වසරේ පුද්ග­ලයා ලෙස ග්‍රේටා තන්බර්ග් නම් වන 16 හැවි­රිදි ස්වීඩන තරු­ණිය නම් කර තිබේ. ග්‍රේටා පසු­ගිය සැප්තැ­ම්බර් මාසය වන තෙක් කිසි­ව­කුගේ වැඩි අව­ධා­න­යට ලක් නොවූ සාමාන්‍ය තරු­ණි­යක වූවාය. එහෙත් ඈ තම ළමා කාලයේ සිටම ආරම්භ කළ පරි­ස­රය රැක ගැනීමේ වැඩ පිළි­වෙල දිගින් දිග­ටම ක්‍රියා­ත්මක කර­මින් සිටි­යාය.

පසු­ගිය සැප්ත­ම්බ­රයේ පැවති එක්සත් ජාතීන්ගේ කාල­ගුණ ක්‍රියා­කාරී සමු­ළු­වේදී ලෝක නාය­ක­යන් ඉදි­රි­පිට ඉතා හැඟි­ම්බර කතා­වක් පැවැත්වූ ග්‍රේටා එසැ­ණින් ලෝකයේ ප්‍රසිද්ධ පරි­සර ක්‍රියා­කා­රි­ණි­යක් බවට පත්වූ­වාය. ඇය එහිදී ඉතා හැඟී­ම්බ­රව එහෙත් ඉතා දැඩි ස්වර­යෙන් එහි රැස්ව සිටි ලෝක නාය­ක­යන්ට හා සමස්ත වැඩි­හිටි පර­ම්ප­රා­වට චෝදනා එල්ල කර සිටියේ දරු­වන් වෙනු­වෙන් ආරක්ෂා කළ යුතු ලෝකය විනාශ කර දම­මින් සිටින්නේ යැයි චෝදනා නග­මිනි. මේ සිදු­වීම මුල් කර ගනි­මින් ඇය ලෝකය පුරා පරි­ස­රය ආරක්ෂා කර ගැනීම සම්බ­න්ධව ජන­ම­ත­යක්ද ඇති කිරී­මට සමත් වූවාය. එහි අතුරු ප්‍රති­ඵ­ල­යක් වූයේ ඇය ටයිම් සඟ­රාවේ වසරේ පුද්ග­ලයා ඇතුලු තවත් සම්මාන රැස­කට හිමි­කම් කීමය.

2003 වස­රේදී ස්වීඩ­නයේ ස්ටොක්හොම් හිදී උපත ලැබූ ග්‍රේටා තන්බර්ග් මාධ්‍ය­යට පවසා ඇති පරිදි කුඩා කළ සිටම පරි­ස­රය ආරක්ෂා කර ගැනීම කෙරෙහි අව­ධා­නය යොමු කළාය. එමෙන්ම දැනට පරි­ස­රය විනාශ වෙමින් පව­තින බවත් පරි­ස­රය ආරක්ෂා කර ගැනී­මට දැන් සිට හෝ අව­ධා­නය යොමු නොක­රන්නේ නම් අනා­ගත පර­පු­රට ලෝක­යක් ඉතිරි නොවන බවත් ඇය වටහා ගත්තාය. එතැන් සිට ඇය තම කාල­යෙන් වැඩි ප්‍රමා­ණ­යක් වෙන් කර ගත්තේ පරි­ස­රය ආරක්ෂා කිරීම කෙරෙහි ජන­තා­වගේ අව­ධා­නය යොමු කර­වී­ම­ටය. 2018 වස­රේදී පරි­ස­රය ආරක්ෂා කර ගැනීම සම්බ­න්ධව පාසල් සිසුන්ගේ අව­ධා­නය යොමු කර­වීමේ වැඩ­පි­ළි­වෙ­ලක් ක්‍රියා­ත්මක කිරී­මට ග්‍රේටා සමත් වූවාය. එම වස­රේදී එක්සත් ජාතීන්ගේ කාල­ගුණ වෙන­ස්වීමේ සමු­ළුව ඇම­තීමේ අව­ස්ථා­වද උදා කර ගත්තාය. ‘කාල­ගුණ අර්බූ­දය‘ (climate crisis) යන්න ඇය විසින් ලෝක වාග්කෝ­ෂ­යට එක් කරන ලද වච­න­යක් ලෙස සැලකේ.

ලෝකයේ කොහේ හෝ ස්ථාන­යක පාසල් සිසුන් වීථි බැස පරි­ස­රය ආරක්ෂා කර ගැනීම සම්බ­න්ධ­යෙන් වැඩි­හි­ටි­යන්ගේ අව­ධා­නය යොමු කර­වන විරෝ­ධ­තා­වක නිරත වීම ඇයගේ වැඩ­පි­ළි­වෙ­ලක් වන අතර එය සාර්ථ­කව ක්‍රියා­ත්මක කර­වී­ම­ටද ග්‍රේටා සමත් වූවාය. එමෙන්ම වස­රක කාල­යක් තුළ පාසල් සිසුන් මිලි­ය­න­යක ප්‍රමා­ණ­යක් විථි වැස විරෝ­ධ­තා­වන්ට එක් කර­වී­මට ඇය සමත්ව සිටි­යාය.

අැය විසින් පරි­ස­රය ආරක්ෂා කර ගැනීම සම්බ­න්ධව මිනි­සුන්ගේ අව­ධා­නය යොමු කර­වී­මට ගත් උත්සා­හය සහ එම­ගින් ඇතිවූ බල­පෑම ජන­මාධ්‍ය විසින් ‘ග්‍රේටා තන්බර්ග් බල­පෑම‘ ලෙස හඳුන්වා තිබිණි. ඇය විසින් පරි­ස­රය ආරක්ෂා කිරීම කෙරෙහි ලෝක ජන­තා­වගේ අව­ධා­නය යොමු කර­වී­මට ගන්නා උත්සා­හය හේතු­වෙන්ම ඇය මෙලෙස ජනතා ප්‍රසා­ද­යට සහ ඇගැ­යී­මට ලක්ව තිබේ.

Comments