ෆින්ල­න්ත­යෙන් ලෝකයේ ළාබා­ල­ම අග­මැ­ති­නිය | Page 3 | සිළුමිණ

ෆින්ල­න්ත­යෙන් ලෝකයේ ළාබා­ල­ම අග­මැ­ති­නිය

ලෝකයේ ළාබා­ල­තම අග­මැ­ති­ව­රිය බවට පත්වෙ­මින් ලෝක වාර්තා­වක්ද සමග ෆින්ල­න්තයේ සන්නා මරීන් පසු­ගි­යදා එරට අග­මැති ධූරයේ වැඩ භාර­ග­ත්තාය. ඇය මේ වන විට 34 හැවි­රිදි වියේ පසු­ව­න්නීය.

වයස අවුරුදු 27දී මරීන් දේශ­පා­ල­න­යට පිවි­සියේ ඇයගේ උපන් ගම වන ටම්පෙරේ නමැති කර්මාන්ත පුරයේ නගර සභා­වට එක් වෙමිනි. පසුව ෆින්ලන්ත පාර්ලි­මේ­න්තු­වට පැමිණි ඇය පක්ෂ පහක සභා­ග­යක් ලෙස පැවති රජයේ පාලක පක්ෂයේ ප්‍රධාන නිල­යක් දක්වා වේග­වත් ගම­නක නිරත වූවාය. ඇය මේ වන තෙක් සේවය කර සිටියේ එරට ප්‍රවා­හන ඇම­ති­ව­රිය වශ­යෙනි.

පසු­ගි­යදා එරට පැවති තැපැල් වර්ජ­න­යත් සමග අග­මැති ඇක්ටි රින් ඉල්ලා අස් වූයේ ඔහු ජන­තා­වගේ විශ්වා­සය අහිමි කර ගත් බවට ඔහුගේ සභාග ආණ්ඩුවේ සෙසු පක්ෂ­වල සාමා­ජි­ක­ය­න්ගෙන් එල්ල වූ චෝදනා හේතු­වෙනි. සන්නා මරීන්ට අග­මැති ධූරය හිමි වූයේ ඇක්ටි රින්ගේ ඉල්ලා අස්වී­මෙන් පසු­වය.

ධූර­යට පත් වීමෙන් පසු මාධ්‍ය හමුවේ ඇය පවසා සිටියේ ‘ජනතා විශ්වා­සය දිනා ගැනී­මට තමාට කළ යුතු කට­යුතු රාශි­යක් පව­තින බවය.‘ එමෙන්ම තම වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය සම්බ­න්ධව තමා නොත­කන බවත් ඒ වෙනු­වට තමා දේශ­පා­ල­න­යට පැමි­ණී­මට හේතු වූ කරුණ කෙරෙහි වැඩි අව­ධා­න­යක් දක්වන බවත් ඇය වැඩි­දු­ර­ටත් පවසා තිබේ.

අඩු වයස් රාජ්‍ය නාය­ක­යන් දැන් ලොව පුරා සුලබ වෙමින් පව­තින අතර මේ රැල්ලේ සමා­ර­ම්භ­කයා ලෙස ප්‍රංස ජනා­ධි­පති එම්මා­නු­වෙල් මැක්‍රොන් දැක්විය හැකිය. මීට අම­ත­රව වයස40ට අඩු රාජ්‍ය නායි­කා­වන් ලෙස යුක්රේන අග­මැති 35 හැවි­රිදි ඔලෙන්සි ෆොන්ච­රුක් සහ නව­සී­ලන්ත අග­මැ­තිනි 39 හැවි­රිදි ජසින්ඩා අර්ඩ්න්ද දැක්විය හැකිය.

එමෙන්ම ෆින්ලන්යේ ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ පහේම දැනට සිටින පක්ෂ නාය­ක­යන් කාන්තා­වන් වන අතර ඔවු­න්ගෙන් සිව් දෙනෙක්ම වයස 40 අඩුය. සන්නා මරීන්ට අම­ත­රව වාමාං­ශික පක්ෂයේ ලී ඇන්ඩ­ර්සන් 32 හැවි­රිදි වන අතර හරිත ලීගයේ මාරියා ඔහි­සාලෝ 34 හැවි­රිදි වේ. මධ්‍යම පක්ෂයේ නායිකා කැට්රි කැල්මුනි 32 හැවි­රිදි වියේ පසු­ව­න්නීය.

Comments