සුළු ආගම් හයක සර­ණා­ග­ත­යන්ට ඉන්දි­යා­වේ පුර­වැ­සි­භා­වය | Page 3 | සිළුමිණ

සුළු ආගම් හයක සර­ණා­ග­ත­යන්ට ඉන්දි­යා­වේ පුර­වැ­සි­භා­වය

න්දීය පාර්ලි­මේ­න්තුව පසු­ගිය 11 වැනිදා තවත් මත­බේ­දා­ත්මක පන­තක් සම්මත කර ගත්තේය. ඒ අනුව ඉදි­රි­යේදී අස­ල්වාසී රට­වල් තුන­කින් ඉන්දි­යා­වට පැමිණ සිටින සුළු ආග­මි­ක­යන්ට ඉන්දීය පුර­වැ­සි­භා­වය හිමි­වනු ඇත. එම අස­ල්වැසි රට­වල් ලෙස පාකි­ස්තානය, ඇෆ්ග­නි­ස්තා­නය සහ බංග්ලා­දේ­ශය නම් කර ඇති අතර එම රට­වල් මුස්ලිම් ආග­මික රට­වල් වේ. මේ රට­වල උපත ලබා, සුළු ආග­මි­ක­යන් වීම හේතු­වෙන් පීඩා­වට පත්ව සිටින, ඒ අනුව පිළි­ස­රණ පතා ඉන්දි­යා­වට සංක්‍ර­ම­ණය වන සර­ණා­ග­ත­යන් වෙනු­වෙන් මේ පනත සම්මත කර ගත් බව භාර­තීය ජනතා පක්ෂය පවසා තිබේ.

මෙහිදී ඉන්දීය රජය සුළු ආගම් හයක් නම් කර තිබේ. ඒ හින්දු, සික්, බෞද්ධ, ජෛන, පාර්සි සහ ක්‍රිස්ති­යානි ආගම්ය. මේ ආග­ම්ව­ලට අයත් ඉහත නම් කරන ලද රට­වල් තුනෙන් එකක පුර­වැ­සි­යන් වන පුද්ග­ල­යන්ට ඉන්දි­යා­වට සංක්‍ර­ම­ණය වීම­ටත්, ඉන්පසු වසර හයක් ඉන්දි­යාවේ සේවය කිරී­මෙන් පසු නීත්‍ය­නු­කූල පුර­වැ­සි­භා­වය ලැබෙන බවත් පසු­ගි­යදා ඉන්දීය රජය නිල වශ­යෙන් ප්‍රකාශ කර ඇත.

පසු­ගිය 11වැනිදා ඉන්දීය පාර්ලි­මේ­න්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩ­ලයේ ඡන්ද 105ක් ලබා ගනි­මින් මේ පනත සම්මත වූ අතර ඊට දින දෙක­කට පෙර පහළ මන්ත්‍රී මණ්ඩ­ලය විසින් මේ පනත සම්මත කරණු ලැබීය.

පසු­ගිය අප්‍රේල් මාසයේ පැවති මහ මැති­ව­ර­ණ­යෙන් එතෙක් පැවති භාර­තීය ජනතා පක්ෂය යළිත් වරක් විශිෂ්ට ජයක් වාර්තා කළ අතර ඒ වෙනු­වෙන් ඉන්දීය ජාති­ක­වා­දය උත්ක­ර්ෂ­යට නැංවී­මට ඔවුන් විශාල වශ­යෙන් කට­යුතු කරනු දැක­ගත හැකි විය. පාකි­ස්තානය සමග යුද්ධ­ය­කට යෑමට ඔන්න මෙන්න තත්ත්ව­යක්ද උදා වූ අතර මුස්ලිම් ජන­තාව කෙරෙහි විශාල විරෝ­ධ­යක්ද ඉන්දි­යාව තුළින්ම එල්ල විය. මේ පසු­බිම මත ජය­ග්‍ර­හ­ණය ලබා ගත් භාර­තීය ජනතා පක්ෂ ආණ්ඩුව බල­යට පත් වීමෙන් කෙටි කළ­කින්ම මුස්ලිම් සහ හින්දු ජන­තාව සමසේ වෙසෙන එමෙන්ම පකි­ස්ථා­නය සමග අර්බු­ද­ය­ක­ටද මුහුණ දී ඇති ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්ත වෙන් කර­මින් තවත් විවා­දා­පන්න තීන්දු­වක් ගැනී­මට ක්‍රියා කළේය. ඔවුන්ගේ දෙවැනි විවා­දා­පන්න තීන්දුව ලෙසින් මේ සංක්‍ර­ම­ණි­ක­යන් වෙනු­වෙන් වන පනත හඳුන්වා දිය හැකිය.

කාශ්මීර සරණාගත කඳවුරක වෙසෙන පාකිස්තාන හින්දු ආගමිකයෝ

පිළි­ස­රණ පතා එන ජන­තා­වට පුර­වැ­සි­භා­වය ලබා දීම බැලූ බැල්මට සානු­ක­ම්පිත තීර­ණ­යක් සේ දැකිය හැකිය. එහෙත් මේ වන විට ඉන්දි­යාවේ ඇතැම් පිරිස් මේ පනත සම්බ­න්ධව තම විරෝ­ධය පළ කර­මින් සිටිනු ද දැක­ගත හැකිය. මේ පිරිස් බොහෝ දුරට පව­සන්නේ පුර­වැ­සි­භා­වය ලබා දීමේදී ආගම විශේෂ කොට සැල­කීම මගින්ම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය වන බවයි. බල­යට පැමි­ණී­මේදී ජනතා ආක­ර්ෂ­ණය දිනා ගැනී­මට භාර­තීය ජනතා පක්ෂය භාවිත කළ ඉන්දීය ජාති­ක­වා­දය සහ මුස්ලිම් විරෝ­ධය තව­දු­ර­ටත් පවත්වා ගැනීම සම්බ­න්ධ­යෙන් වන න්‍යාය පත්‍රයේ කොටස් ලෙස මේ පනත සම්මත වීම හුවා දක්වන එම පිරිස් ආගම විශේ­ෂ­කොට පුර­වැ­සි­භා­වය ලබා­දී­මෙන් සියලු මිනි­සුන් නීතිය ඉදි­රියේ එක සමාන වන බවට වන වග­න්තිය ඉන් උල්ලං­ඝ­නය වන බව පවසා සිටිති.

සියලු ආග­මි­ක­යන් එක හා සමාන බවට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ දක්වා ඇති වග­න්තිය මේ අනුව උල්ලං­ඝ­නය වන බව දක්වන විරෝ­ධ­තා­ක­රුවෝ සුළු ආග­මි­ක­යන් යනු­වෙන් නම් කර ආගම් හයක් සුවි­ශේෂ කොට දැක්වී­මට අසා­ධා­රණ බව දක්වා සිටිති. මුස්ලිම් ආගමේ වුවද භක්ති­ක­යන් සුළු­ත­ර­යක් අයත් වන නිකා­යන් පව­තින අතර එවැනි සුළු­තර ආගම් භක්ති­ක­යන් ඔවුන්ගේ මව් රට­වල් තුළ­දීම පීඩා­වට පත් වන අවස්ථා බොහෝය. උදා­හ­ර­ණ­යක් ලෙස බංග්ලා­දේශ රොහින්ග්යා මුස්ලිම් ආග­මි­ක­යන්, පාකි­ස්තාන අහ්මෙඩි මුස්ලිම් ආග­මි­ක­යන් දැක්විය හැකිය. සුළු ආග­මි­ක­යන් වශ­යෙන් සල­කන්නේ නම් මේ ජන­තා­වද පුර­වැ­සි­භා­වය ලැබී­මට සුදු­ස්සන් විය යුතු වන බව විරෝ­ධ­තා­ක­රු­වන්ගේ තර්කය වී තිබේ.

මේ අතර පකි­ස්ථා­න­යට, ඇෆ්ග­නි­ස්තා­න­ටය සහ බංග්ලා­දේ­ශ­යට මායි­ම්වන ප්‍රදේ­ශ­වල වෙසෙන ජන­තාව ද මේ උද්ඝෝ­ෂ­ණ­ව­ලට එක්ව සිටින්නේ මේ වන විටත් ඔවුන් සර­ණා­ග­ත­යන් හේතු­වෙන් විශාල වශ­යෙන් පීඩා විඳි­මින් සිටින බැවින් ඔවුන්ට නීත්‍ය­නු­කූල භාවය ලබා­දී­මෙන් පසු තමන්ට කොත­රම් අප­හ­සු­තා­වලට ලක්වී­මට සිදු­වනු ඇතිද යන්න ප්‍රශ්න කර­මිනි. රැකියා අව­ස්ථා­වන් මෙන්ම, උෟන සංව­ර්ධිත නාග­රී­ක­ර­ණ­යද මේ එක්වර වැඩි­වන ජන­ග­හ­ණය හේතු­වෙන් ආසන්න වශ­යෙන්ම මුහුණ දීමට සිදු­වන ගැටලු ලෙස හඳුනා ගත හැකිය.

බල­යට පත්වී­මේදී ජනතා ආක­ර්ෂ­ණය දිනා ගැනී­මට කුමන දහං­ගැට දැමූ­වද මේ ක්‍රියා­ත්මක කරන නීති සම්බ­න්ධ­යෙන් භාර­තීය ජනතා පක්ෂය ඉන්දි­යාව තුළ නැති ගැටුම් ඇවි­ල­වීමේ ඉඩක්ද ඇති කරන බව පැව­සිය යුතුය. බොහෝ මුස්ලිම් රට­වල් තම රට­වල මුස්ලිම් අන්ත­වා­දය නීති ගත කර ඇති බවද ඇත්තය. එවැනි රට­වල ආග­මික නිද­හස කියා යමක් ඇත්තේ ම නැත. අනික් අතට අපේ රටේ උතු­රු­ක­ර­යෙන් කොත­රම් හින්දු භක්ති­ක­යන් පිරි­සක් යුද­මය වාතා­ව­ර­ණය මත ඉන්දි­යා­වට සර­ණා­ග­ත­යන් ලෙස පළා ගියද ඔවුන්ට පුර­වැ­සි­භා­වය ලබා­දීමේ ඉඩක් ඉන්දි­යාව ලබා නොදෙන්නේ ශ්‍රී ලංකාව මුස්ලිම් ආග­මික රටක් නොවන නිසාත්, ආග­මික නිද­හස අප රට­තුළ ඕනෑ­ව­ටත් වඩා පව­තින නිසාත්ය. මේ ආග­මික නිද­හස අව­භා­විත කරන අවස්ථා ආග­මික නිද­හස සහිත බොහෝ රට­වල් අත්විඳ ඇති­වාට සැක නැත. ආග­මික පම­ණක් නොව ඕනෑම වර්ගයේ නිද­හ­සක් පව­තින තැනක එය අව­භා­විත කර­න්නන්ද බිහි­වන්නේ ය.

කෙසේ වුවද ඉන්දි­යාව සම්මත කර ගත් මේ පනත ඉදි­රි­යේදී කුමන අන්දමේ ප්‍රති­ඵල ගෙන ඒමට සමත් වන්නේද යන්න සලකා බල­මින් එහි දුර්වි­පාක පාල­නය කිරී­මට කට­යුතු කිරී­ම­ටද ඉන්දීය රජය කල් තබාම සූදා­නම් වන්නේ නම් එය යහ­පත්ය.

 

Comments