
වර්ෂ 2014 දී හෙක්ටයාර 7000 ක් ව පැවැති ලොකු ලූනු වගාව 2017 වසර වන විට හෙක්ටයාර 2000 දක්වා අඩු වී ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා අවධාරණය කළේය.
ලූනු මිල ගණන් පහත වැටීම, කාලගුණික තත්ත්ව විටින් විට වෙනස් වීම, නිෂ්පාදන මිල ඉහළ යෑම, මෙයට හේතු විය. වසරේ ලොකු ලූනු 1kgක මිල රුපියල් 35 ක් -51ත් අතර අලෙවි වීම නිසා ගොවීහු අධෛර්යමත් වීමෙන් වගා ප්‍රමාණය අඩු වී තිබේ.
මේ ගැටලු නිරාකරණය කිරීමේ අරමුණින් රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සිදු කළ ලොකු ලූනු සඳහා සාකච්ඡාවේදී ස්ථාවර මිලක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව කෙරෙහි ද ඇමැතිවරයාගේ අවධානය යොමු විය. ඒ අතරම දැනට පවත්නා වු ස්ථාවර බද්ධ රු. 40 ක් වන අතර ලොකු ලූනු 1 kg සඳහා වු රුපියල් 70-80 ත් අතර පවතින ආනයනික බද්ධ පවත්වා ගැනීම ද වෙනස් නොවී පවත්වා ගැනීම ද ස්ථාවර මිලක් පවත්වාගෙන යෑමට හේතුවක් වේ. තවද ලොකු ලූනු වගාවට දැනට පවතින රක්ෂණ මුදල අක්කරයට රුපියල් 40, 000/= මුලික ගෙවීමක් රහිතව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
මේ ලොකු ලූනු වගාව ස්ථාවර මිලක් තීරණය කිරීමේදී දැනට ගොවීන් අතර ඇති දේශීය බීජ ප්‍රමාණය 6600 .... පමණ බව අනාවරණය කර ගැනීමට අපට හැකියාව ලැබුණයි ඇමැතිවරයා පැවසීය. එම බීජ අලෙවි කිරීමට නොහැකි වීම නිසා ගොවීන් මහත් අසීරුතාවට ද පත් වී ඇති බව ද අනාවරණය විය. එම බීජ අලෙවියට හැකියාව ලැබෙන පරිදි වැඩසටහන් සකස් කිරීමට අදහස් හා යෝජනා ඉදිරිපත්විය. මේ කන්නයේදී ලූනු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ඇත්තේ ටික කාලයක් බැවින් ගොවීන්ගෙන් බීජ මිල දී ගෙන වගා කරන ගොවීන් වෙත ලබා දීමට නොහැකි බව ගැටලු මතු විය. ඒ සඳහා රසායන වාර්තා ලබා ගැනීමට දින 20 -30 ත් අතර කාලයක් යන බැවින් මෙලෙසින් ක්‍රියාත්මක කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ලූනු වගා කළ ගොවීන් සඳහා දේශීය බීජ වගා කර මාසයක කාලයක් අවසානයේදී, කෘෂිකර්ම උපදේශකවරයාගේ සහතිකය මත බීජ සඳහා වැය වු මුදලින් අඬක් ලබා දීමට ද තීරණය විය. තවද බීජ ගොවීන්ගෙන් බීජ 1kg රු 9000 කට මිල දී ගැනීමට එකඟ වු අතර අක්කරයක් සඳහා බීජ 2kg ලබා දී ක්ෂේත්‍ර ස්ථාපයෙන් සති දෙකකට පසු අක්කරයක වගාවක් සඳහා රු.9000 වගා කරු වෙත ගෙවිමට ද තීරණය කළ බව ඒ මහතා පැවසීය.
මේ වැඩ සටහන මඟින් 2018 වර්ෂයේ යල කන්නයේ වගා ඉලක්කය තව හෙක්ටයාර 1000 වැඩි කිරීමට ද ඔහු පැවසීය. ඊට අමතරව මාතලෙන් හෙක්ටයාර් 700 අනුරාධපුර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හෙක්ටයාර 250 අනුරාධපුර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හෙක්ටයාර 50 වගා ඉලක්කය ලෙස ද ඒ මහතා පැවසීය.
අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළ කරුණක් වුයේ CIF Value අගය ලෝක වෙළෙඳ පොළේ අගය මාසිකව වෙනස් වීම පිළිබඳ වාර්ථාවක් සකස් කර අපගේ ලොකු ලූනූ වගාව කෙරෙහි බලපාන ආකාරයේ ද වාර්තාවක් සකස් කිරීමට තීරණය ඇමැතිවරයාගේ තීරණය විය.
ලූනූ වගාව හා ඒ සඳහා අවශ්‍ය දේශීය බීජ නිෂ්පාදනය හා ආනයනික බීජ අවශ්‍යතාව පිළිබඳ ව වසර 03 ක සැලැස්මක් සැකසීමට ද තීරණය කිරීම ද අනවසරයෙන් ගෙන්වන ලද ආනයනික බීජ පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග ගත යුතු බව ද ඇමතිතුමාගේ අදහස විය.
දිනුෂා මනතුංග