වල්ලි අම්මාගේ වාස­ස්ථා­නය වූ සිය­ඹලා ගස | සිළුමිණ

වල්ලි අම්මාගේ වාස­ස්ථා­නය වූ සිය­ඹලා ගස

 වල්ලි නමැති ආදිවාසී තරුණිය කතරගම දෙවියන් සමඟ විවාහ වූයෙන් ‍මිනිසුන් ඇය කෙරෙහි ද වන්දනා පැවැත්වීමට යොමු වූ බව ජනවහරේ පවතී. කතරගම දෙවිඳුන් මැණික් නදිය අසබඩ සියඹලා ගසක ගුහාවක දී වල්ලි අම්මා හමු වූ බව ජනප්‍රවාදයේ පවතී. මේ සියඹලා ගසෙහි ක‍ෙඳෙහි කිසියම් රූප දෙකක් තිබෙන අතර එය වල්ලි අම්මාගේ හා ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන්ගේ බව විශ්වාස කෙරේ. වල්ලි අම්මා මේ සියඹලා ගස සමීපයෙහි භාවනානුයෝගීව සිටිය බව පැරැන්නෝ පවසති. මේ නිසා සියඹලා ගස ගැමියන් අතර ජනප්‍රිය වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

යශෝධා ඉන්දීවරී

 

 

 

සියඹලාවලින් අත්බෙහෙත්

 

ජලයේ දියකර ගත් ඉදුනු සියඹලා ‍බොර පෙරා ගෙන එයට ගම්බිරිස්, සීනී, කරාබු, එනසාල්, කපුරු, කුරුදුපොතු මේවායේ චූර්ණය මිශ්‍ර කර සාදාගත් පානය අරුචිය නසනු ලබයි. පනුවන් නැසීමට සියඹලා නැටි , අරළු ,පෙති පුවක් , වලගසාල් , තම්බා පානය කිරීම සුදුසු ය. අධිකව දහඩිය දමන අයට සියඹලා කොළ ,‍බෙලි කොළ අඹරා ඇඟ අතුල්ලා ස්නානය කිරීම සුදුසු ය. අධික හිසරදයට සියඹලා දලු , හීන් උදුපියළිය ,රතු ලූනු කොටා පොට්ටකි බැද වංඩුවේ තම්බා නළල තැවීම සුදුසු ය .අබිං විෂ හරණයට සියඹලා කරල් ඉස්ම පානය කිරීම වඩාත් සුදුසු ය.

සියඹලා දැවයේ එල ප්‍රයෝජන

සියඹලා ගස ඉතා අගනා දැව විශේෂයකි. ගෘහ භාණ්ඩ කෟෂි නිෂ්පාදන යට ගනු ලැබේ. සියඹලා දැවයෙන් ලබා ගන්නා අඟුරු වෙඩි බෙහෙත් නිෂ්පාදනයට යොදා ගනී.සියඹලා ලීයෙන් ලබා ගන්නා භස්ම ය ‍එළුවන්ගේ සමේ ලොම් හැලී යන රෝගවලදී ආලේප කරයි. දේ පොත්ත , ලීයෙන් ලබා ගන්නා දැව අළු සත්ව සම් පදම් කිරීමට ද යොදා ගනී. සියඹලා පත්‍ර වලින් ලබා ගන්නා ස්ථිර වර්ණක පදාර්ථ වලින් ලෝම ඇදුම් වල රක්තක වර්ණය ඇති කරවයි . එම වර්ණකය නිල් අවරිය පැහැයෙන් වර්ණ ගැන් වූ වර්ණ යුත් වර්ණ කාරකයෙන් සිල්ක් රෙදිවලට මරකත පැහැය ලබා දිය හැකිය . සියඹලා කොළ මල්, කරල්ද වර්ණ කාරක සැදීමට ගනී. සියඹලා ඵලයේ අඩංගු ඇඹුල් රසැති මාංසල කොටස පිත්තල භාජන පිරිසිදු කිරීමටද භාවිත කෙරේ. කොළ යුෂය මුහුදු ජලය සමඟ මිශ්‍ර කර රිදී බදුන් පිරිසුදු කර ගනීමට ගැනේ.

Comments