
ලෝකයේ වෙනත් රටවල මෙන් අපේ රටේ සූර්ය කෝෂ පිළිබඳ දැනුම ගැන සන්තෝෂ විය නොහැකිය. එකවරම සූර්ය කෝෂ කියූ සැණින් ඔබේ මතකයට නැඟෙනුයේ ඔබේ නිවස පිළිබඳවය. එහෙත් වගා බිමට ද මේ සූර්ය කෝෂ යොදා ගත හැකිය. වගා බිමේ තිබෙන වගාවන් පසු අස්වැනු තාක්ෂණය සඳහා යොමු කිරීමට සූර්ය විදුලි බල ශක්තිය යොදා ගත හැකිය. මේ මඟින් මහාපරිමාණයෙන් වගා කරන වගාකරුවන්ගේ මුදල් ඉතිරි කර ගැනීමේ හැකියාව ලැබේ. බලය නිපදවිය හැකි සූර්ය කෝෂ ගණනාවක් මෙන්ම පුවරු ගණනාවක් තිබේ. බොහෝ විට නොදැනුවත්කමින් අස්වැන්න නාස්ති වන අතර පසු අස්වැනු තාක්ෂණය යොදාගෙන වරින් වර ඉන් ප්‍රයෝජණ ගැනීමට ද ඇති ඉඩ කඩ සීමා සහිත වේ. මේ අනුව සකස් කළ එක් එක් සූර්ය කෝෂ මෙන්ම පුවරු ද අැත.
බහු-ස්ඵටිකමය සූර්ය කෝෂ පුවරු Poly-crystallineCell Solar Panels සිලිකන් උණුකර සෘජුකෝණාඝ්රකාර අච්චුවලට බහා සිසිල් වු පසුව ඉවතට රැගෙන සෘජු කෝණාස්රාකාර හැඩයටම කැබලිකර කපා කෝෂ සකසා ගනී. එවැනි කෝෂ රැසකින් බහු-ස්ඵටික කෝෂ සූර්ය පුවරු සමන්විතවේ. මේ වර්ගය සූර්ය තාපය කෙරෙහි දක්වන අනුගතවීම අඩුවේ.
සෑම කෝෂයකම ස්ඵටික බොහෝ සංඛ්‍යාවක් අඩංගු නිසා ඉලෙක්ට්‍රෝන සඳහා නිදහසේ ගමන් කිරීමට ඇති ඉඩකඩ අඩුය. මෙහි ප්‍රතිථලයක් ලෙස තනි ස්ඵටික සූර්ය පුවරු වලට වඩා බහු ස්පටික සූර්ය පුවරු අඩු කාර්යක්ෂම බවක් පෙන්වයි. එම අගය සාමාන්‍යයෙන් 13-16% කි. එයට බලපා ඇත්තේ සිලිකන් හි අඩු සංශුද්ධතාවයි. එසේ වුවත් මහා පරිමාණ නිෂ්පාදනය පහසුවීම මත ඒවායෙහි මිල අඩුවේ. ඔබට සූර්ය පුවරු ස්ථාපනය කළ හැකි ඉඩකඩ සීමිත නම් හෝ ඒවායේ අයවැය ගැටලුවක් නොවේ නම් මෙම වර්ගය සුදුසු වේ.
තුනී පටල සුර්ය කෝෂ පුවරු Thin-Film Cells Solar Panelsනිෂ්පාදනය කරනු ලබන්නේ උපස්තරයක් මත සිලිකන්, කැඩ්මියම් හෝ තඹ වැනි ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් උපස්තර වශයෙන් අතුරා ගැනීමෙනි. එසේම ඒවා නම්‍යශීලී වන අතර විකල්ප යෙදුම් සඳහා අවස්ථා බොහොමයක් විවෘත වන අතර ඉහළ උෂ්ණත්වයන්හිදී අඩු බලපෑමක් ඇති කරයි. මෙම වර්ගයේ සූර්ය පුවරු වර්ග නිෂ්පාදනය කිරීම සාපේක්ෂ වශයෙන් පහසු වන අතර ඒවාආර්ථිකය වශයෙන්ද වඩා ලාභදායී වේ. එහෙත් මෙම වර්ග සදහා වගකීමේ කාලය කෙටි වන්නේ ඒවායෙහි ක්‍රියාකාරී ආයුකාලය අඩුවිම හේතුවෙනි. වර්තමානයේ වෙළෙඳපොළ තුළ තුනී පටල සූර්ය පුවරු වර්ග තුනක් පවතී.
ඇමෝපොරස් සිලිකන් (a-Si), කැඩ්මියම් ටෙරයිඩ් (CdTe) සහ තඹ ඉන්ඩියම් ගැලියම් සෙලේනයිඩ් (CIS / CIGS) ආකාරයෙනි. මේ යටතට ගැනෙන ඇමෝපොරස් සිලිකන් පුවරු Amorphous Silicon Solar Panels අඩු විදුලි බලයක් නිපදවන බැවින් ස්ඵටික සිලිකන් මත පදනම් වූ සූර්ය කෝෂ සම්ප්‍රදායිකව සාක්කුවල දමාගෙන යන කැල්කියුලේටර වැනි කුඩා පරිමාණ යෙදුම් සඳහා පමණක් භාවිතා කර ඇත. කෙසේ වුවත්, මෑත කාලීන නව සොයා ගැනීම් සමහර විශාල පරිමාණ යෙදුම් සඳහා වඩාත් ආකර්ෂණීය ලෙස උපයෝගී කර ගෙන තිබේ. මේ අනුව සලකා බලනවිට තනි-ස්ඵටිකරූපී පුවරු පිරිවැය අධික නමුත් ඉතාම ඵලදායී වන අතර ඒ නිසා ඔබට අඩු පුවරු ප්‍රමාණයක් අවශ්‍යතා සපුරාගත හැකිවේ. තුනී පටල පුවරු අඩු මිලක් ඇති එහෙත් කාර්යක්ෂම බවින් ද අඩුවන හෙයින් ඒවා වැඩි ප්‍රමාණයක් ගෘහස්ථ සැපයුමකට අවශ්‍ය වනු ඇත. මෙලෙස වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමෙන් ඔබට විශාල ප්‍රදේශයක් මේ සූර්යය කෝෂ පුවරු මඟින් ආවරණය කර ගත හැකිය. විශාල කර්මාන්ත ශාලවක පමණක් නොව විශාල වගා බිමක ද නිෂ්පාද ප්‍රමාණයක් නෙළා ගැනීමට යන්ත්‍ර සූත්‍ර මෙහෙයවීමේදී වුවත් මේ සූර්ය කෝෂ යොදා ගත හැකිය.
පාලිත මහින්ද මුණසිංහ
දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය
හෝමාගම