හොරෙන් කෑ ලිය නිසා හෙරළිය වුණා | සිළුමිණ

හොරෙන් කෑ ලිය නිසා හෙරළිය වුණා

ඒ කාලේ කොස් ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. කොස් ඔහේ ගස් යට වැටිලා කුණු වෙලා ගියා. ඒත් මේක එතරම් රසවත් කෑමක් කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ආහාර හිඟය කෙතරම් ආවත්, කවුරුත් දැ‍නගෙන හිටියේ නැහැ කොස් මේ තරම් රසවත් කියලා. මේ අතර තුර එක්තරා ගමකට දරා ගන්න බැරි ආහාර හිඟයක් පැමිණියා. මේ නිසා බොහෝ මිනිස්සු අපහසුතාවට පත් වුණා. මේ සඳහා කවුරුත් මුකුත් කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒත් මේ දුක සක් දෙවියෝ දැක්කා.

එහෙම දැකලා ඒ තුමා මහලු මිනිසකු ගේ වෙසක් ගත්තා අරගෙන ඒ ගමට ආවා. එහෙම අැවිල්ලා මේ ගමේ ඇවිද්දා. එහෙම ඇවිදින කොට එක්තරා කාන්තාවක් බොහෝම කනස්සල්ලෙන් ඉන්නවා දැක්කා. එහෙම දැකලා එයාට කොස් ගෙඩියක් ගෙනැත් දුන්නා. මං එනකොට මේක තම්බා තියන්න කියලා. මේ කාන්තාව මේ කොස් ගෙඩිය තැම්බුවා. එහෙම තම්බන කොට මේ කොස්වල සුවඳ නිසා ඉන්න බැරුව ගියා. බඩගින්නේ ඉඳීම නිසාත් කොස්වල සුවඳ නිසාත් ඇයට මේ කොස් කන්නම සිතුණා. මහලු මිනිසාට දුන් පොරොන්දුව අමතකව ඇය කොස් ටිකක් කෑවා. එතකොටම මහලු මිනිසා ආවා. ඔහු මේ බව දැක, ආ....හොරෙන් කනවා යැයි කිවුවා. එදා ඈ හොරෙන් කෑ නිසා කොස්වලට හෙරළිය කියා කිවුවා. එදා සිට කොස් කන්න හැමෝම පුරුදු වුණා කියලා ජනවහරේ තියෙනවා.

Comments