සිරු­රට අත්‍යවශ්‍ය පෝෂ­ක­ව­ලින් සපිරි නිවිති | සිළුමිණ

සිරු­රට අත්‍යවශ්‍ය පෝෂ­ක­ව­ලින් සපිරි නිවිති

නිවිති යනු ෆෝලික් ඇසිඩ්, විටමින් ඒ, බී, සී, ඊ, යකඩ, මැන්ගනීස් සහ පොටෑසියම්වලින් පොහොසත් ආහාරයක්. පුරුද්දක් ලෙස නිවිති අනුභව කරනවා නම් ලෙඩරෝග ගණනාවකින්ම ඔබට ආරක්ෂා වන්නට පුළුවන්.

• නිවිති අනුභවයෙන් විවිධ ආකාරයේ රූපලාවණ්‍ය ප්‍රයෝජන අත්කර ගන්න පුළුවන්. සමේ වයස්ගත වීම ප්‍රමාද කරවීම සහ සම පැහැපත් කරවීම ඒ අතරින් විශේෂයි.

• යකඩ සවිබල සිරුරකට අත්‍යවශ්‍යයි. පිසූ නිවිති යකඩවලින් ස්වයංපෝෂිතයි. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඒ නිසා රක්තහීනතාව බරපතළම ගැටලුවක් වී ඇති අපේ කාන්තාවන් නිවිති තම ප්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි.

• කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අවදානමකට මුහුණ පා සිටිනවා. ඔවුන් නිවිති කෑමට ගෙන යකඩවලින් සිරුර සවිමත් කර ගැනීමට උනන්දු විය යුතුමයි. මස් කෑමෙන් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිතකරයි.

• ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත්, ගැටවර වියේ පසුුවන්නන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතා­ෙවන් 35.7% ක් සපුරා ගැනීමට හැකිය.

• පිළිකා නාශක ගුණයෙන් අග තැන්පත් පිළිකා නාශක සංයෝග දහතුනකටත් අධික සංඛ්‍යාවක් නිවිතිවල අඩංගුයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති අන්දමට පිළිකා සෑදීම වැළැක්වීමටත්, පිළිකා වර්ධනය මර්දනය කිරීමටත් නිවිතිවලට හැකියාව තිබේ.

• නිවිතිවල අඩංගු පෝෂක විටමින් කේ, විටමින් ඒ, මැංගනීස්, යකඩ, විටමින් සී, විටමින් බී 2, කැල්සියම්, පොටෑසියම්, විටමින් බී 6 (පිරිඩොක්සීන්), කෙඳි විටමින් බී 1 (තයමීන්), තඹ, පෙ‍්‍රීටීන්, පොස්පරස්, සින්ක්, විටමින් ඊ, ඔමෙගා 3, විටමින් බී (නියැසීන්), සිලේනියම්. නිවිති පමණට වඩා තැම්බීමේදී පෝෂක රැසක්ම විනාශ වෙන නිසා බාගෙට තැම්බීම වඩාත් සුදුසුයි.

Comments