
අපි කවුරුත් කැමැතියි දෑත් දෙපා ලස්සනයට තබා ගන්න. මේ සඳහා නොයෙක් ක්‍රීම් වර්ග ආලේප කළත් ගෙදරදී ම සාදා ගන්න පුළුවන් ප්‍රතිකර්මයක් තියෙනවා නම් කාන්තා ඔබට ඉතාමත් පහසු වෙන්න පුළුවන්. කාන්තාවන්ගේ දෙපා ලස්සනට තබා ගැනීමට සුදු හඳුන් ප්‍රතිකාරය ඉතාමත් වටිනවා. මේ ප්‍රතිකාරය කිරීම ප්‍රථම ඔබ ඔබේ දෙපා පිරිසුදු කර ගැනීමට පාදයේ සහ අත්වල ඇති අනවශ්‍ය රෝම ඉවත් කළ යුතුයි. මේ සඳහා ඔබටම ආලේපයක් සකස්කරගත හැකිය. මුලිනම් සීනි වීදුරුවක් රැගෙන ඊට සමානවම දෙහි වීදුරුවක් ගන්න. ඉන් පසු මේ දෙකම භාජනයකට දමා ලිප තබන්න. මේ ද්‍රාවණය හොඳින් උකු වන විට ලිපෙන් බා ගන්න. ද්‍රවණයේ පදනම හරි දැයි බැලීමට නම් ඔබ කළ යුත්තේ ඇල් දිය බඳුනක් රැගෙන ඊට ද්‍රවණයෙන් බිංදුවක් දැමීමයි.
මෙහිදී ද්‍රවණයෙන් දැමූ කොටස යට යනවා නම් ද්‍රාවණයේ පදනම සුදුසු බව අපට පැහැදිලි වේ. ද්‍රාවණය නිවුන පසු මුලින්ම එක් අතක ගල්වා පිරිසුදු රෙදි කඩක් ඒ මත තවරා විරුද්ධ අතට අඳින්න.
එවිට රෝම ගැලවේ. මේ ආකාරයට දෑත් දෙපා පිරිසුදු කරගෙන පැය දෙක තුනක් නිදහසේ තබා ගන්න. ඉන්පසු සුදු කුඩු ඇල් ජලයෙන් අනා දෑත් දෙපා පිරිමදින්න. මෙය කළ යුත්තේ ඉතා සෙමින්ය. මෙයින් ඔබේ දෑත් දෙපාවලට නව දීප්තියක් ගෙන දෙයි
පද්මිණී මලිදූව
ප්‍රවීණ රූපලාවණ්‍ය ශීල්පිනී